යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, යුක්රේනය සහ රුසියාව අතර ආරවුල විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවිය වන ජාත්‍යන්තර අධිකරණයේ රුසියාවට විරුද්ධව නඩුවක් ගොනු කර ඇත.
‘යුක්රේනය සමූල ඝාතන සිදූ කළ බවට වැරදි මත ගොඩනමින් යුක්රේනයට පහරදීම සාධාරණීකරණය කිරීමට දැරූ උත්සාහයට රුසියාව අපි වගකිව යුත්තන් කරන්න ඕනේ, අපි ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලනවා රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන සියලුම යුද ක්‍රියාකාරකම් නවත්තන්න කියල ඉක්මන් තීන්දුවක් දෙන්න කියලා’ යැයි හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ රුසියාවට විරුද්ධව නඩුව ගොනු කිරීමෙන් අනතුරුව ට්විටර් හරහා පණිවිඩයක් නිකුත් කරමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවැසීය.
මෙහිදී ජාත්‍යන්තර අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට අපරාධ චෝදනා ගොනු නොකරන බව පැවසේ.දෙරටේ ආරවුල් පිළිබඳ නඩු ඇසීමට ජාත්‍යන්තර අධිකරණයට ස්වයංක්‍රීය අධිකරණ බලයක් නොමැති අතර එසේ නඩුව ඇසීමට එක්සත් ජාතීන්ගේ ගිවිසුමක් පදනම්ව චෝදනාව ඉදිරිපත් කළ යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්න්කි රුසියාවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කල නඩුවට මාර්තු 7 සහ 8 දෙදින ප්‍රසිද්ධියේ නඩුව විභාග කිරීමට නියමිතව ඇත.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දෙමුහුම් ක්‍රමයකට නඩුව විභාග කිරීමට නියමිතව ඇති අතර එහිදී නිලධාරීන් කොටසක් සජීවී ව නඩු විභාගයට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර තවත් කොටසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිත බව ජාත්‍යන්තර අධිකරණය පවසයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරවුල විසදන්න අධිකරණයේ පිහිට පතයි