IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි

(රොමේෂ් මධූෂංක)          

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී වූවේය.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති මෙම දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් , ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්හ රජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනයගම් මහතා අමාත්‍යවරුවන් වන බිමල් රත්නායක සහ රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අයගේ ද සහභාගීත්වයෙන් ආරම්භ විය.

මෙහිදී යපනය දිස්ත්‍රීක්යේ ජනතාව මෙන්ම උතුරු පළාතේ ජනතාව විසින් මේ වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරමින් කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු විය.

ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රීක්කයේ තවත් වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිත බවටද වාර්ථා වෙයි.



අදහස් (4)

යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි

Lal Saturday, 01 February 2025 07:52 AM

ගැම්මට කවියක්, සින්දුවක් ඉල්ලමුද? කෝ මේ හෝදන අය...

:       1       1

සෙනෙවිරත්න Saturday, 01 February 2025 02:14 PM

ලාල් වගේ අය පැල් කවි බයිලා කියපු ජනාධිපතිලාම තෝරා පත්කරලා ඒවා අහලා මෙතුමාගෙනුත් එහෙම බලාපොරොත්තු වෙනවා. දුකයි මේ වෙනස නොදැනෙන ගඳ සුවඳ නොදන්න අය තාම ඉන්න එක ගැන...!

:       1       1

Lal Saturday, 01 February 2025 03:58 PM

සෙනෙවිරත්න කියන සට්ටැඹියාට සෙනෙහසින් ලියමි. ගඳ සුවඳ ඔබ වැනි අපුල්ලන්නෙක් තරමට... කාටවත් දැනුමක් නැත. හොඳින් හෝදන මැෂිමක් බව ඔබ කා අතරත් ජනප්‍රියයි.

:       0       0

Lal Saturday, 01 February 2025 04:01 PM

කියද්දිම මේ ඇවිල්ලා ඉන්නේ සෙනෙවිරත්න. වසරේ හොඳම සන්නාමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site