(චමිලා අල්විස්)

හොරණ ඉලිඹ හන්දිය අසල තරගෙට  යතුරු පැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනිත් තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි ශෂී නැමැති තරුණයෙකි.

ඉංගිරිය දෙස සිට හොරණ දෙසට යතුරුපැදි දෙක වේගයෙන් ධාවනය කරමින් සිටියදී හොරණ සිට ඉංඟිරිය ප්‍රදේශයට ගමන් කරමින් සිටි මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙක මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.  

අනතුරින් යතුරුපැදි දෙක පැදවු තරුණයන් දෙදෙනා බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දාහත් හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය..

අනතුරින් යතුරුපැදි දෙකට සහ මෝටර් රථයට බරපතල හානි සිදුව ඇත.

සිද්ධියෙන් පසුව මෝටර් රථයේ රියැදුරු හොරණ පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත.