IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා  සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක්  ඇමතීම සම්බන්ධයෙන්  මැතිවරණ කොමිෂන් සභාව  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින්   මානගේ මහතාට ලිපියක්  යොමු කළ බව  මැතිවරණ කොමිෂන්   සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රේමසිරි මානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම්  අමතා ඇති බවත් වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාට තොරතුරු අනාවරණය වීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩක් නැති බවයි.

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදීද යම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.

මානගේ මහතා 2004 - 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අප ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී  ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදි  ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.

අපේක්ෂකයන් තිදෙනෙකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින්  තමාට පළමු මනාපයදී  ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයෙකු තෝරාගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බවද ඔහු කීවේය.

මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවද මානගේ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (1)

මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන

Perera Tuesday, 10 September 2024 06:27 AM

කුණු ලොරියට කුණු මිසක් වෙන මුකුත් දාගන්නේ නෑ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site