(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ඔහුට ශ්‍රී ලංකා, විස්සයි20 පිලේ ස්ථානය පසුගිය වසරේ අහිමි වූ අතර පසුගිය වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාලිංග අවසන් විස්සයි20 තරගයට සහභාගි විය.
දකුණතින් වේග පන්දු යවන 38 හැවිරිදි ලසිත් මාලිංග 2010 වසරේ ටෙස්ට් පිටියෙන් සමුගත් අතර 2019 වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දක්ෂකම් ඉහලින්ම පෙන්වීමෙන් අපි ඉතාම සතුටට පත්වූ අවස්ථා ගොඩක් තියෙනවා.
මම හිතුවේ මෙයා 20/20 සමු අරන් අවුරුදු ගානක් වෙනවා කියල.
ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවරට උපහාරයක්! ආයුබෝවන් කීමට හොඳම කාලය මෙයයි. ඔයාට සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
ඔබකළ අනගි මෙහෙයට හදවතින්ම ගොඩක් ස්තුතියි. මලෙිංග, ඔබ වැනිම අතිදක්ෂ ක්‍රීඩකයෙක් අනාගතයේදී බිහිකරන්න ඔබට වාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි. ඔබට ජයෙන් ජයම වේවා..! බුදුසරණයි..!!!