(සුජිත් හේවාජුලිගේ)

මෙරටින් වාර්තා ව අැති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000ට සීමාවට ළංව ඇත.

මේ අනුව එම සංඛ්‍යාව 89,395 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 කි.

ගතවූ මාස 6ක කාලය තුළ වාර්තාවූ සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වඩා වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 47,310කි.

එහි ප්‍රතිශතය සියයට 52.92ක් ලෙස දැක්වේ.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තවමත් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, ඊයේ දිනට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 19,000 (19007) සීමාව පසුකර අැත

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් ගණන 17,725ක් දක්වා ඉහළගොස් ඇති අතර, තෙවැනියට වැඩිම පිරිසක් වාර්තාවන මහනුවර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 6,341ක් වාර්තා වී ඇත.

මෙම වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,973කි.