
(එම්.සුසිල් පියන්ත)
හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.
පරණ කෝන්තරයක් මත මේ මාලු ව්‍යාපාරිකයා වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙන අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවත් ගිනි අවිය කියාත්මක නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයෙ මේ ආකාරයටම ඊයේ(31) නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයකු වෙඩි තබා ඝාතනය කළ බවත් මේ වෙඩි තැබීමට පැමිණියේ මේ නාදුනන තුවක්කුකරුවන්ද යන්න පිළිබඳව සැකකරන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd