
(සුරංග රාජනායක)
ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත.
නව වසර උදාව සතුටින් සැමරීමට ලංකාවාසි සියල්ල එක්ව සිටියදී අම්බලුවාව ගම්වාසින් සූදානම්ව සිට ඇත්තේ බොහෝ කාලයක සිට කුණු මාළු දමමින් පළාතම දුර්ගන්ධය පතුරවමින් ජලය අපවිත්‍ර කර පරිසර විනාශ කරන කුණු මාළු කාරයන් අල්ලා ගැනීමටය.
නිදි වර්ජිතව සිටි තරුණ පිරිසට මෙම කුණු මාළු ලොරිය පැමිණ එහි තිබූ විශාල කුණු මාළු කොටස් ප්‍රමාණය ප්‍රධාන මාර්ගයෙන් පහළට දමමින් සිටියදී අල්ලා ගැනීමට හැකිවී ඇති අතර එහි තිබූ කුණු මාළු කොටස් ලොරියේ රියදුරු අසුන සිට සියලු තැන්වලට දමා ලොරියේ ටයර්වල හුළං ඇර සිද්ධිය පොලිසියට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩිතර ජනතාවට ප්‍රණාමය !!! මුළු රටේම ජනතාවට ආදර්ශයක් !!! සැමට සුබම සුබ නව වසරක් වේවා !!! ලංකාදීප ඔන්ලයින් කර්තෘතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා !!!
නියමයි බලධාරියනි... ඔය ලොරි රාජසන්තක කරලා රියදුරාව අවුරුදු2 කටවත් හිරේ දාන්න එතකොට තමයි අනිත් එවුන් ඉගෙන ගන්නේ
ෂහ්... වැඩේ බාලයි... ලොරියේ ආපු එවුන්වත් කුනු මාලු කරන්න බැරිද!
ටීම් එකට සැලකුවේ නැද්ද ?
මාලු කඩ ඔක්කොම එහෙමයි. කටුගස්තොට ගොහගොඩ පාරේ වංගුවේ තියනවා උදේට මාලු කපන තැනක්. ඔක්කොම ජාරාව. කෙලින්ම කාණුවට යවන්නේ. එතනින් පහල මහවැලි ගඟේ, නුවරට බොන්න වතුර පොම්ප කරන්නේ . මේක ප්‍රසිද්ධියේ කරන්නේ. PHIලා නගර සභාවේ උදවියත් මාලු ගන්නවා ඇවිත්. වගේ වගක් නෑ . පිං පඩි කාරයෝ.