IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මීළඟ පොලිස්පති තෝරන්න ව්‍යවස්ථා සභාව 12 රැස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනටමත් නිර්දේශ කර ඇත.

මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් 7 බ්‍රහස්පතින්දා රැස්වුවද අවසන් තීරණයක් ගෙන නොතිබිණ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ එම සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් පැවතුණ හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීම මෙසේ කල් ගිය බවයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා  හරිනු ලැබීය.

ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නම පමණි.

ඔහු වැඩ බලන පොලිස්පති තනතුරට පත් කෙරුණේ 2024 සැප්තැම්බර් 27 දිනදාය.

පොලිස්පති ධූරය ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරු  හයදෙනෙක්  පසුගිය දිනවල දැඩි ප්‍රයත්නයක නිරත වූහ.



අදහස් (2)

මීළඟ පොලිස්පති තෝරන්න ව්‍යවස්ථා සභාව 12 රැස්වෙයි

යෝගා Saturday, 09 August 2025 11:34 AM

අමුතුවෙන් තෝරන්න දෙයක් තියෙනවද? නිර්දේශ කරලා තියෙන්නේ වැඩ බලන, ඒත් වැඩ බැරි, පෙන්දගේ නම විතරනේ.

:       0       1

prasanna Saturday, 09 August 2025 03:28 PM

අපි ඕක දෙමු පුද්ගලික ආරක්ෂක ආයතනයකට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17739 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site