IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක  මඟ  හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදුරුගේ හා කොන්දොස්තර වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පැවසීය.

එසේම මෙම තහනම බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනය කරන  කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැකි වන සේ නියෝග ලබා දී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

මෙම සිද්ධිය ඉකුත් 04 දා සවස  සිදුව තිබූ අතර හෝමාගම පිටකොටුව (138) හා  පිටකොටුව ඉංගිරිය (125) පෞද්ගලික බස් රථ දෙකක් පිටකොටුවේ සිට හයිලේවල් මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී ඉංගිරිය බස් රථය සෑම බස් නැවතුම්පළකම නවතා මගීන් නංවා ගැනීමට උරන වූ හෝමාගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා හෝමාගම ප්‍රදේශයේදී මඟ හරස් කොට බස් රථය නවතා ඉංගිරිය බස් රථයේ රියදුරට, කොන්දොස්තරවරයාට හා බස් රථයට යකඩ පොල්ලකින් පහරදී තර්ජනය කර තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ඉංගිරිය බස් රථයේ සේවකයින් කළ  පැමිණිල්ලකට අනුව හෝමාගම බස් රථයේ රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිට වූ බවත් සිද්ධිය වූ දා සිට මේ දක්වා බස් රථයේ ගමන් වාර ලබා නොදීමට පියවර ගත් බවත්  සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසීය.



අදහස් (8)

මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම්

KUSUM Friday, 07 February 2025 10:18 AM

හොඳින් කළා! බොහෝ කාලයක් බලා සිටි හොඳ විනිශ්චයක්..

:       2       42

NishanthaFriday, 07 February 2025 12:44 PM

වැඩක් නැහැ කුසුම් ඔවුන් දෙන්නා ඊළඟට ආසන්නව තියෙන සබරගමුවට ඒවි. මේවා කරන්න ඕන පළාත් කොමිසමේ නිර්දේශ මත ජාතික ගමනාගමන කොමිසමෙන් පමණයිනේ... නැත්නම් දඬුවමෙන් වැඩක් නැහැ...

:       0       14

ලක්විදු Friday, 07 February 2025 10:28 AM

මොවුන්ගේ ඡායාරෑපද ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධ කල යුතුය.

:       2       38

ජිල්බු Friday, 07 February 2025 01:29 PM

අනිවාර්යයෙන්ම! එතකොට ඡායාරූප පර්ස්වල දාගෙන ඉඳලා, ඩ්‍රයිවර් ඒ වගේ නම් නගින්නෙම නෑ. සල්ලි දීලා ගෙනියනව කිව්වත් ගොඩවෙන් නෑ.

:       1       10

ලක්විදුFriday, 07 February 2025 02:28 PM

අනේ ජිල්බුවෝ මොලේක තරම. වැරැදිකරුවන් සමාජයේ ප්‍රසිද්ධ කළාම අඩුම ගණනේ වරදක් කිරීමට පෙර දෙවරක් හිනතවා... ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්වත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය රැකගැනීමට බල කරනවා...

:       0       8

ජිල්බු Friday, 07 February 2025 03:40 PM

අනේ මට තේරුණේ දැන් තමයි// එහෙනං පොටෝ කෑලි තියාගන්න ඕන්නෑනෙ. ඒක එක අතකට හොඳයි. නැත්තං බවලත් උදවිය ළඟ වෙන මිනිස්සුන්ගේ පොටෝ තිබිලා ගෙදර මනුස්සයට අහු වුණොත් පවුල් අවුල් වෙනවා.

:       1       0

ජිල්බු Friday, 07 February 2025 11:10 AM

චැහ්, අපේ ආණ්ඩුවක් තිබුණනං ගොඩින් බේරගෙන, තගදාං යන්න තිබ්බ, කොහෙද ඉතිං ..!..

:       3       23

Hashan sanjula nicholas Friday, 07 February 2025 01:19 PM

සිරිඅම්මේ සාරා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site