
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
ඊයේ (22 ) මධ්‍යම රාත්‍රියෙ සිට ඇද හැළුණ මහ වැසි ආනන්ද ජාතික පාසල් භුමිය ජලයෙන් යටවි යාමත් සමග සිසු දරු දැරියන්ට පාසලට පැමිණිමට නොහැකි තත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන බළධාරීන්ගේ උපදෙස් මත තාවකාලිකව පාසල වසා දැමිමට කටයුතු කළ බව විදුහල්පතිවරයා කීවේය.
පාසලේ පංති පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් ජලය පංති කාමර තුළට ගලා එමත් සමඟ පංති පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.
ආනන්ද ජාතික පාසලේ ප්‍රාථමික හා ද්විතික අංශයෙ සියලුම පංතිවල 3200 කට ආසන්න සිසු සිසුවියන් පිරිසක් පාසල වසා දැමිම හේතුවෙන් තාවකාලිකව අධ්‍යන කටයුතු නැවති තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණරත්න, බකල ජයා, යෝගා එන්න අපි ආණ්ඩුවට බනිමු !
හලාවත ආනන්ද ජාතික පාසල පමණක් නොවේ හලාවත විජය විදුහලත් ගංවතුරට හසුවු නිසා 23 දා වසා දැමුවා. ඒ විතරක් නොවේ හලාවත රෝහලේ දියවැඩියා සායනය පවත්වන ෂර්ලි කොරයා ගුණානුස්මරණ ශාලාවද ගංවතුර හසුවීමෙන් ප්‍රතිකාර ගන්න ආ රෝගීන් පීඩනයට පත් වුණා. තව හලාවත හරින් කොරයා ක්‍රීඩාංගණය ද වැවක් ව තිබුණා.. නගරයේ ස්ථන ගණනාවක ද ගංවතුර ගලා නිවැසියන් පීඩනයට පත්ව තිබුණා. මේවා ඔබේ වාර්තාකරු නොදුටුවේ ඔහු අන්ධයෙකු නිසාද.