IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මවගේ හිසට ගිනි අවි තබා දියණිය පැහැරගත් පෙම්වතා අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා  18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන  පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

අවුරුදු 18 ක තම දියණිය ඉකුත් (12) රාත්‍රී පැහැරගෙන ගිය බවට එම තරුණියගේ මව විසින් දැරණියගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය කියයි.

එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත් (12) දා දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම තරුණිය මව සමග බස් රථයෙන් නැවත දැරණියගල නිවෙසට එන අතරවාරයේ සැකකාර තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාගෙන නැවත නිවෙසට එන බව පවසා ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (6)

මවගේ හිසට ගිනි අවි තබා දියණිය පැහැරගත් පෙම්වතා අත්අඩංගුවට

කිව්වා නාහන එකා Tuesday, 14 January 2025 01:01 PM

එතකොට තරුණිය අත් අඩංගුවට නොගත්තේ ඇයි? ඇය නේද පැහැරගත් අයට ඔත්තුව දීලා තියෙන්නේ...?

:       2       29

fairoos Tuesday, 14 January 2025 03:05 PM

අම්මා හරියට තමයි කියලා තියෙන්නේ... පෙම්වතා හොඳ කෙනෙක් නෙවෙයි.

:       0       17

Pradeep KumaraTuesday, 14 January 2025 05:14 PM

Fairoos:- නමුත් දුවට ඒක තවම තේරිලා නෑ වගේ. දිගටම පෙම්වතා සමඟ හිටියොත් මාස 4,5ක් යනකොට තේරේවි අම්මා හරි කියලා.

:       0       16

Rupika Wednesday, 15 January 2025 05:13 AM

රූපවාහිනී පුවත් අනුව අම්මා ඉතා දුප්පත් අහිංසක කෙනෙක්.හිටියෙ පැල්පතක් වැනි තැනක නිසා දුවට හිතෙන්න ඇති කොල්ලා එක්ක ගියොත් සැප විදින්න පුලුවන් කියල කොහොම වුනත් කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැ

:       0       0

Lalla Wednesday, 15 January 2025 12:02 AM

කෙල්ලට මදන වීසේ... ගෙදර බලෙන් තියාගන්න බෑ. බඩක් එක්ක ගෙදර ආපුවාම දුක නොබලා පස්ස පැත්තට පයින් ගහලා පන්නලා දාන්න. වෙන ප්‍රතිකර්ම නෑ...

:       1       1

අනුර වරාවල Wednesday, 15 January 2025 08:26 AM

ඔය තුවක්කුව ඔය කෙල්ලගේ ඔලුවටත් තියනවා ඌ දවසක. ඒවා තේරෙනකොට කෙල්ලට ප්‍රමාද වැඩියි. දෙමව්පියන්ට විරුද්ධව ගියොත් වරදිනවාමයි. අත් දැකීමෙන් කියන්නේ. ඒ අයට දෙන දුක් සිය දහස් ගුණයකින් වැඩිවෙලා විඳින්න වෙනවා.තුවක්කු දෙකක් තියාගෙන ඉන්න එකෙක් එක්ක මොන ලව් ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site