IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාලදිවයින් ජනපති ලංකාවට එන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

මාලදිවයින ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බව මාලදිවයින  මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ සඳහන් කළේය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ  වශයෙන් සාකච්ඡා කෙරිණි.

එසේම මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් දියුණු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. මාලදිවයින නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගීනා (fathimath Ghina) මහත්මියද මෙම අවස්ථාවට එක්වූවාය.



අදහස් (0)

මාලදිවයින් ජනපති ලංකාවට එන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site