
ඇමෙරිකානු තීරු බද්ද අඩු කිරීමේ සිට හේතු කීපයක් නිසාවෙන් පසුගිය මාසයේදී මෙරට ආර්ථික වර්ධනයන් ධනාත්මකව විය.
මේ වනවිට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමේ ගමන් මාර්ගයට පැමිණ සිටින අතර ඇතැම් පුරෝකථනයන් පෙන්වාදී තිබුණේ මෙරට ආර්ථික අර්බුදයට පෙර මෙරට ආර්ථිකය තිබූ තත්වයට ලබන වසර වනවිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි.
බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යා වාර්තාවක් පෙන්වාදී තිබුණේ බාහිර වෙළඳ බාධාවන් පැවතියද, දේශීය ගම්‍යතාවය හේතුවෙන්, මෙම වසර පුරා සහ ඉන් ඔබ්බට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කිරීමට නියමිත පස්වන සමාලෝචනයට පෙර රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙන බව එම අරමුදල පිළිගැනීම මෙම ශුභවාදී හැඟීම ඇතිවීමට එක් හේතුවක් වී තිබේ.
එහිදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මගින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබිණි.
එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වසනීය දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංශ 192ක් වූ අතර ජූලි මාසයේදී එය දර්ශකාංශ 190ක් විය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කාලය කාලයේදී වැඩිම අගයක් වාර්තා කර තිබුණේ ජූනි මාසයේ වන අතර එම මාසයේදී දර්ශකාංශ 210 අගයක් වාර්තා කර තිබිණි,
මෙම වසරේ අගෝස්තු මාසයේ ව්‍යාපාර විශ්වසනීය දර්ශක අගය පසුගිය මාස 12 සාමාන්‍ය අගය වූ 177 ට වඩා ඉහළ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ අගය 94 ක් විය.
ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ආරම්භයේ සිට මේ දක්වා මධ්‍යස්ථ දර්ශකාංශ අගය 124 ක් වූ අතර එම පසුගිය අගෝස්තු මාසයේදී ඒකක 68 කින් පසුකර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1918
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
pradeep Monday, 15 September 2025 06:32 PM
විපක්ෂයේ කලබලයට ඇත්තම හේතුව මෙන්න මේක තමයි.
උකුස්සා Monday, 15 September 2025 06:58 PM
බයියන්ගේ දැන ගැනීම පිණිසයි...