IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා

(ජේ.කේ.එල්. චාමින්ද)

 මන්නාරම සහ පුනරින්හි  මෙගාවොට්  500ක  ධාරිතාවයෙන් යුත්  පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට  එකි ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සදහා  ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන  261.7 මුදලක් වැයකොට  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සදහන් වේ.

  වැයකරණු ලැබු මෙම මුදල ලබාදෙන ලෙස  ඉල්ලා  ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින්  2022 වර්ෂයේ නොවැම්බර් මස  08 දිනැති ලිපිය  මගින් අදාල ව්‍යාපෘති ව්‍යාපෘති  සංවර්ධකගෙන්  ඉල්ලිම්කොට තිබුණි.   පසුව සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති  සංවර්ධකගෙන්   ලැබියයුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස  අඩුවෙන් මුල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව්කොට තිබුණි.

 එම මුදල අඩුකිරිම සම්බන්දයෙන්  අදාල ආයෝජකයා සමග ඇතිකරගත් එකගතාවයන්  විගණනයට ඉදිරිපත්කොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

වටිනාකම අඩුකරගැනිමට  අදාල එකගතාවයන්  පිළිබද විස්තර  නොපමාව විගණනය වෙත  ඉදිරිපත් කළයුතු බවද  විගණනය මගින් නිර්දේශකොට ඇත.

 මෙකි බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය   ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැම්ම සදහා 2022 මාර්තු මස 15 වැනිදින  අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදි තිබුණි. ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති  විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.

 



අදහස් (3)

මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා

Nishan Sunday, 16 February 2025 02:47 PM

ඔය සල්ලි වතුරේ යන්නේ නෑ. මොකද ඒ දත්ත මත තමයි කවදා හරි බලාගාරය හදන්න වෙන්නේ. අදානිගේ ඩොලර් කෝටි 100 රටට ගෙන්න ගන්න තිබුණා නම් ආර්ථිකයට ලොකු හයියක්. ආයෝජකයෝ රට හැර යාම කිසිම විදියකින් ආර්ථිකයට යහපතක් නෙවෙයි.

:       31       68

පිටරටවැසියා Sunday, 16 February 2025 02:48 PM

මේ විදිහට තමයි දශක හතක් තිස්සේ ලංකාව කෑවේ. පෞද්ගලික ආයෝජන කියලා ගෙනාවාට, මූලික සංවර්ධනය ලක්වැසියන්ගේ බදු මුදල් මිලියන 261.7 ක්. මේ අදානිම තමයි වංචනිකව තම වත්කම් හුවාදක්වමින් හොරපාරෙන් ලොව ධනවත්ම දෙවැනි පුද්ගලයා වෙලා, ආපහු ලෙල්ලටම පසුබැස්සේ. මේ ආයෝජන විදිහටම තමයි සෙවණගල සීනි සමාගම දයාට වික්කේ... ගබඩාවල තිබිච්ච සීනිවල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට විකිණුවා. වේරහැර බස්නඩත්තු අංගනයේ ගබඩාවල තිබිච්චි අමතර කොටස්වල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට රවීට විකිණුවා මදිවට, ඒකට ගෙවන්න රාජ්‍ය බැංකුවලින් ඇතිතරම් මුදල් දුන්නා, පස්සේ බොල්ණය හැටියට කපලා දැම්මා... මේවා දැන දැනත් ලංකාවේ ඉන්න සමහරක් හිටපු එවුන්ට තාමත් කඩේයන ගමන්, උදේ-හවස මෙතැන වැලලෙනවා හාල්, පොල්, බිත්තර ගැන මතුර, මතුරා...

:       56       20

vernonMonday, 17 February 2025 01:43 PM

ආයතනයක් විකුණද්දී ඒ ආයතනයේ වත්කම්වල අගයට විතරක් ගණන් හදලා මිල කියන්න බෑ, ඒකෙන් ගෙවන්න තියෙන ණය අඩු වෙනවා. ඒ නිසා අච්චර මෙච්චර තොග තිබ්බා කියලා වැඩක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site