(සුජිත් හේවාජුලිගේ, උපුල් හේරත් සහ රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී ෙ වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.
උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
ඔහු පසුගිය දිනවල කළ සමහර ප්‍රකාශද සමාජයේ ආන්දෝලනයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ වැඩ පටන් අරන් වගේ...
උද්දිකටද? වාහනයටද? වෙඩි තිබ්බේ...? මේකත් රංගනයක කොටසක්ද?
අලුත්ම රඟපෑමක් වගේ ඡන්දෙ දිනන්න...
තමන් දක්ෂ දෙය පමණක් කරගෙන ඉඳීම නේද හොඳ...?
කාටවත් කිසිම අනතුරක් වෙලා නැත්තම් වෙඩි තියන්න ඇත්තේ කාගේ හරි ගිණුමට බැර කරලා අනුකම්පා ඡන්ද ගන්න වෙන්න බැරිද? අපි නොදන්න දේශපාලුවෝ...
මෙම සාහසික ක්‍රියාව මැති සබයේ මෙතුමා කරන බොරු රඟපෑම් වලට එරෙහිවද? නැත්නම් මිදුණු විශ්වය චිත්‍රපටයේ ඉදිරිපත් කළ එතරම් වැදගැම්මකට නැති රඟපෑමට එරෙහිව කළ එකක්දැයි සොයා බැලිය යුතුයි...
උද්දික පේමරත්න පසුගියදා පාර්ලිමේන්තුවේදී හොඳ හොඳ දේවල් ටිකක් කිව්වා. ඒ කතාබහ ලෝකල් හාමු මහත්වරුන්ට හා බේබි හාමුලාගේ සිත් රිදවූ දේවල් වෙන්නට ඇති. ඒ නිසා වැසිකිළි කැසිකිළි හෝදන හෙංචයියන් කිපෙන්නට ඇති...
වාර්තා වුණු හැටියට කාර් එකෙන් බැහැලා ගේට්ටුව අරිනකොටලු වාහනේට වෙඩි තියලා තියෙන්නේ. ඒ කියන්නේ කාර් එක එක්ක තිබ්බ තරහකට කාර්එක විනාශ කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ..!
අද කාලේ අපේ රටේ සිදුවන දේවල් දිහා බැලුවහම මේකත් නට්‍යයක් වෙන්නත් බැරි නැහැ...
රංගන ශිල්පියාගේ ඡන්ද ලබා ගැනීම සඳහා වූ රංගනයක් වෙන්න බැරිද? මේ වැනි ඕන තරම් චිත්‍රපට තියනවා.
නාට්‍ය ජවනිකාවක කොටසක්වත්ද?
කොහොමද වැඩ ඇයෙ මොකුත් නැ කැලනියෙ ඇරපු නයා නාට්ටිය වාගෙම නාට්ටියක් වගෙ.
අපේ පොලිස් ඇමති මොකද කියන්නෙ මෙ ගැන. හැමතැනම වෙඩි පත්තුවෙනවනෙ
හොඳ රංගන හැකියාවක් තිබිලත් දේශපාලනයට ගිය එක අපරාධයක්.
මේවා බොරු රඟපෑම්, ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්නේ...
අන්ධ පුද්ගලයෙක්ලු වෙඩි තිබ්බේ. ප්‍රකාශ වැඩක් නැත.. අවශ්‍ය නම් හරි තැන හිටගන්න. එවිට ජනතාව ඔබව පිළිගනියි.
බයියො වැඩ පටන් අරගෙන.. ඊයේ ඇඩ් එකෙන් ගේම පටන් ගත්තා..
ඇයි එයාගේ ගාඩ්ලා කොහේ ගිහිල්ලද? පාර්ලිමන්ට් මිනිස්ටර් කෙනෙක්නේ...!
මොන තරම් ත්‍රාසජනක චිත්‍රපටියක වුණත්, අවසානයේ නළුවා බේරිලා නේද ...? ආරක්ෂාවට පිස්තෝලයක් තියනවා නේද එතුමාට..? තමතමන් තමන්ගේ ආරක්ෂාව සපයාගත යුතු රටකයි අපි මේ ජීවත් වෙන්නේ... අනෙක් අයගේ ආරක්ෂාව අපට වැදගත් නැහැ. අනික චිත්‍රපටි නරඹලා බයවෙලා අනුකම්පා කෙරුවේ අපි පොඩි කාලේ...!
පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඔක්කොම තියෙන්නේ කමෙන්ට්ස්වලනේ යකෝ...
ඉතා පැහැදිලියි... හිස් කාර් එකට වෙඩිතියලා සංස්කරණය කරනලද නාටකයක්. කවුරුත් රැවටෙන්න එපා. ඡන්දෙ ලංවෙනකොට තව තව හොඳ ජවනිකා බලන්න පුළුවනි..
පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ සුදු වෑන්` ඝාතන, අතුරුදහන් කරවපු අයගේ අවතාර තවමත් හොල්මන් කරනවා ඇති...
කාටද ඕන මේ වගේ වැඩකට නැති එකෙක්ව මරන්න.එයත් එයාගේ නායකයා විමලේ පස්සෙන් යනවා. මෝඩයා.