
(සුජිත් හේවාජුලිගේ)
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවයි.
එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන බව අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.
විශේෂයෙන් කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස් වලින් ආහාර ගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසේ.
පාර්ලිමේන්තු ආපන ශාලාවේ මන්ත්‍රීවරයකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450.00ක් ලෙසය. (උදෑසන ආහාර රු.100.00, දිවා ආහාර රු.300.00 හා තේ පානය සමග කෙටි කෑම රු.50.00)
නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කෙරිණි. ( උදෑසන ආහාර රු.600.00, දිවා ආහාර රු.1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රු.200.00)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසයි.
සේවා පිරිවැය ඊට ඇතුළත් නොවෙන හෙයින් මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තියහැකි උපරිමයෙන් වළක්වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ ඇතුළු ගොඩනැගිලි කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තු මුළුතැන්ගේ යම් සැලකිය යුතු ආහාර නාස්තියක් සිදුවන බව කාලයක සිටම පෙනී ගොස් ඇති කාරණයකි.
මේ අතර පාර්ලිමේන්තුවට කිතුල් හකුරු කිතුල්පැනි රස කැවිලි පලතුරු එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේදී රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශත අනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.
පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේ දී වැය කෙරුණු මුදල රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහකි.
පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ සඳහන්වේ.
COMMENTS
පෙරේරා සහ සමාගම වැනි ලංකාවේ ආහාර පාන සඳහා ප්‍රසිද්ධ සමාගමකට පාර්ලිමේන්තුවේ කැන්ටිම කරගෙන යන්න ඉඩ දුන්නා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. සැපයුම් කරුවෝ සොයන්න, කෝකියෝ සොයන්න, මේවා ඔක්කෝම රජයෙන් කරන්න ගියාම විශාල වියදමක් යනවා. එතකොට කෑමවේලක් 1200 වෙන එකක් නැහැ. සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නේ මේවා... ජනතාවට සේවය කරන දේශපාලකයින් සහ නිලධාරීනට මේවා හොඳ නැති වෙන්න බැහැ...
ඇඟට හත්ගව්වක් දුරින් බඩගෙඩිය ගිය අයගේ බඩගෙඩි එහෙම නම් දැන් අඩුවෙයි. .
පාර්ලිමේන්තුවට වෙනම භෝජනාගාර කාර්ය මණ්ඩලයක් සහ මුළුතැන්ගෙයක් නඩත්තු කරන්න ගියාම පිරිවැය අධික වෙන නිසා, ආහාර පිළියෙළ කරන විශාල තුන්වන පාර්ශ්වයකින් කෑම ලබා ගැනීමෙන් මේ පිරිවැය බොහෝ දුරට අඩු කරගත හැකිය...
ඉස්සර වගේ බඩජාරි කමට කාලා, ගෙවල් වලටත් අරන්ගිය දේශපාලුවන්ට දැන් කරන්න දෙයක් නැහැ.
පාර්ලිමේන්තු සේවකයින්ට වෙනත් රාජ්‍ය සේවකයින්ට නැති අයථා ලෙස නතුකර ගත්තු වාසි රාශියක්ම තියෙනවා. ඉතා සුළු නොවටිනා මුදලක් පඩියෙන් කපලා ඉතා ඉහළ මිලක ආහාර ලබා ගන්නවා. ඒක නිසා තමා කෑම සඳහා විශාල පිරිවැයක් යන්නේ. කෝටි ගණනක් වියදම් යන්නේ, මුළු රටක් බදු සල්ලි සේවකයින්ට කන්න දෙනවා. දේශපාලකයෝ නොව මෙන්න මේ සේවකයින්ගේ සමස්ත පිරිවැය ගණනය කරලා බලන්න. දේශපාලකයින්ගේ කෑම වේලේ මිල වැඩි කළාට සේවකයින්ගේ කෑම වේලේ මිල වැඩි කළේ නෑ. සේවකයෝ විශාල ගණනක්, තුට්ටුවක් ගෙවලා නිකන් වගේ කෑම දිනපතා ගන්න නිසා පාර්ලිමේන්තුව පවත්වන්න අති විශාල පිරිවැයක් යන්නේ. මෙව්වා තමයි හැදෙන්න ඕනෑ තැන්, රාජ්‍ය වියදම් අඩු කරගන්න. දිනපතා කොටින්ම පාර්ලිමේන්තු සේවකයින්ට භෝජනාගාරයක් හෝ කෑම ලබා දෙන්න අවශ්‍ය නෑ. පිට ළමයි ට්‍රිප් එකක් ආපුවාම මිල ගෙවලා එළියෙ කැන්ටිමෙන් කන්නේ, එම මිල පිට කඩයක මිලට සමානයි. සේවකයින්ට කෑම දෙද්දි තමයි විශාල පාඩුවක් වෙන්නේ...
පිනට ලාබෙට කන්ඩ තියෙනවා නම් තව මොනවාද? හැමෝටම එකම මිළක් අයකළ යුතුයි. නැත්නම් බෝජනාගාරය පවත්වා ගෙන යාම වෙනත් ආයතනයකට පැවරිය යුතුයි.
වැඩකට නැති පාලන තන්ත්රය වැඩකට නැති ලිපි ලේඛන නිකුත් කරනවා මිසක් රජයේ හෝ එහි වැඩකට නැති ශ්‍රම බලකායේ පිරිවැය අඩු කිරීමට කිසිදු ස්පර්ශ්‍ය හෝ ස්ථිර පියවරක් ගන්නේ නැහැ. එහෙත්, ඔවුන් කතා කිරීමට සහ මිනිසුන්ව රැවටීමට දක්ෂයි. විශාලතම ගැටළුව වන්නේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්, විශේෂයෙන් තරුණයින්, මෙම පාලනය විශ්වාස නොකර රට හැර යාමයි.
රාජ්‍ය පාලන මූල ධර්මය නම් සංග්‍රහ වස්තු සතර ය. එනම් දානය , ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචරියාව, යන සතර ය. එම සංග්‍රහ යනු අනුන් වෙනුවෙන් කරන කැප කිරීම ය. ඒ නිසා මුලින් ම දානයෙන් සංග්‍රහ කළ යුතු ය. පාර්ලිමේන්තුවට සපැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ට කිසිදු අය කිරීමක් නොකර ආහාර පාන දිය යුතු ය. හැබැයි එක් සීමා කිරීමකට යටත්ව ය. ආහාර පිටතට රැගෙන යාම වාරණය කළ යුතු ය. ඒ යන වියද ම රජයට වැය බරක් වූවාට කම් නැත. එය දානයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරණ හැම දෙනා ම සසරෙහි උසස් පිං බලමහිමය ඇති පිරිසකි. රටේ රාජ සහාවේ රාජකීයත්වයට හෙවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම රටේ සැමගේ ම අභිමානයට හේතු ය. එසේ නොවන්නේ නම් එය රටක රාජ්‍යත්වය හෑල්ලු කිරීමකි. කෑම දී මුදල් අය කිරීම මුදලට කෑම දීම මහත් ම මදි පුංච කමකි. අප හෙළ කිරුළක් උරුම වූ ජාතියකි. බත් කන්න දී මුදල් අය නොකළ ජාතියකි. බත් මුදලට කන්න නොදුන් හෙළ කිරුළක් සහිත ජාතියකි. අප ගෙදරකට එන කෙනෙකුට කන්න දී මුදල් අයකරනවාද? යන්න සිතා බැලිය යුතු ය. රාජ සභාවකක් නියෝජන කරන රාජකීයන්ට හෙළයන් කෑම දී මුදල් අය කර නැත. මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම වටී.
225 පමණක් නොවෙයි. එයාට අයිති 159ත් ලාබෙට දුන්නා නම් අදත් කැන්ටිමේ කියලාද ඔය කියන්නේ...? අනික් පැත්තෙන් ගත්තාම රුපියල් 500ට බුරියානි එකක් එළියෙන් කන්න පුළුවන් නම් ඕක ඇතුලෙන් කන්න 1200ක් ගන්නවා කියන්නේ මාර අපරාධයක් තමයි. ඕක අර කිව්වා වගේ පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ අපි කවුරුත් කන ආයතනයකට දුන්නාම ඉවරයි.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකන, පාර්ලිමේන්තු සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳින, රටට හරිහමන් විදියට සේවයක් නොකරන අයට පිනට කැමත් දුන්නාම ඔක්කෝම හරි... රටට හෙන ගැහුවත් ප්‍රශ්නයක් නැතුව ඇති...
හොඳ තීරණයක්