
(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ රැකියා ලබාදෙනබව පවසා රුපියල් 350.000/= ක මුදලක් අල්ලස් ලබා ගත් බව කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ( එක්සත් ජාතික පක්ෂයේ) හරීන්ද චානක අයිලපෙරුම අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේදීය.
රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ දෙක සහ එක් ලක්ෂ පනස් දහස බැගින් අල්ලස් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා වගේම තමයි ගෝලයොත් .අහු උන තැන ගහනවා