සඳලි සත්සරණි

ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු ආසාදිතයන් දෛනිකව වාර්තාවීම 300 මට්ටම දක්වා අවම වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අගෝස්තු මාසයේ මේ දක්වා නව ඩෙංගු ආසාදිතයන් 5348 දෙනකු හඳුනාගෙන ඇතත් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින පහළ යන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19,291 කි.