IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මෝදි ලංකාවට ?

(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය  කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ  නවදිල්ලි නුවර දී අද (10)පැවසීය.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අතර පැවති විශේෂ හමුවේදී මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ජය ශංකර් මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අනාවරණය කළේය.

 ශ්‍රී ලංකාවේ කෙරෙන ඉන්දීය ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලන බවත් අතරමග නතර වී ඇති ව්‍යාපෘති නැවත ඇරඹීමට කටයුතු කරන බවත් ජයශංකර්   මහතා මෙහිදී දැනුම් දුන්නේය.

අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය සම්බන්ධයෙන්ද මෙහිදී ජය ශංකර් මහතා අදහස් පල කර ඇති අතර ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර තිබේ.

 ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කරනු ලැබූයේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුලත් වන බවයි.

එසේම සත්‍ය හා ප්‍රතිසංධාන පනත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජය ෂංකර් මහතා හමුවේ පවසා තිබේ.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති දීපාර්ශවික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවද  එකඟතාවයකට එළැඹිණි.

වතු ලැයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාල ගම්මාන දියුණුවට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ යැයිද සඳහන් කළේය.

යළිත් වරක් ඉන්දියාවේ කැබිනට්  අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජයෂංකර් මහතාට සුභ පැතුම් පළ කළේය.



අදහස් (3)

මෝදි ලංකාවට ?

janis Monday, 10 June 2024 04:05 PM

අපේ රනිල් මහතාගේ දිව්රුම් එකට වගේ

:       0       2

අරවින්ද මොනරවිල Monday, 10 June 2024 06:59 PM

ලංකාවේ අලුතින් ගත්ත ඉඩ කඩම් හා හරක බානාද ඉදිරියේ ගන්න බලාපොරොත්තු වෙන ඉඩකඩම් හා හරක බානාද බලාගෙන යන්න මෝදි සෑර් ලංකාවට සැපත් වෙනවා වගේ.

:       3       2

Lalith Monday, 10 June 2024 07:32 PM

රනිල් යන්න කලින් ඔප්පු ලියන්න එන්න කියලා වගේ?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site