(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් අද (10) සමාජ මාධ්‍ය කැළඹුවේය.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබිණි.සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කළහ.

එම සත්වයා දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවීමට ආරම්භ වීමත් සමඟ ඉන්දීය ජනාධිපති මන්දිරයවන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය අත්භූත සත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේය.එහි දැක්වුණේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවන අත්භූත සත්වයා සැබවින්ම පූසෙකු බවය.