IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

පැය 17කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ පාලනය සියතට ගැනීමට රැඳවියන් කටයුතු කර තිබුණි.

ඒ කාලය තුළ රෝහල් වාට්ටුව කඩා ඖෂධ පානය කර මුලුතැන්ගෙයි ආයුධ ද අතැතිව පලා යාමට රැදවියන් දැරූ උත්සාහය අහසට වෙඩි තබා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට වලක්වා ගැනීමට පොලීසිය හා බන්ධනාගාර නිලධාරීහු එක්ව සමත් වූහ.

එහිදී රැදවියන් එල්ල කළ ගල් මුල් ප්‍රහාර වලින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.

සියලු රැදවියන් මාතර බන්ධනාගාරයෙන් ඉවත් කිරීමෙන් පසු අද සවස 2.00 පමණ වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්,පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

එම කාලය තුල ඔවුන් තමන්ට රිසි පරිදි ආහාර පාන උයා පිහා ගෙන කමින් දිය නාමින් සිංදු කියමින් නිදහසේ විනෝද වන අයුරු දැක ගත හැකි විය.

තහනම් බඩු කාමරය කඩා එහි තිබු ජංගම දුරකතන,චාජර්,රන් ආභරණ හා මුදල් ආදිය ද පිටතට ගෙන පරිහරණය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණි.

රැදවියකු බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ඔහු සතු පෞද්ගලික දේපොල සියල්ල ලේඛනගත එම කාමරය තුළ ආලක්ෂිතව තබා නැවත නිදහස් කරන විට ඒවා ඔවුන් අතට ලබා දෙන බව කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි “මිදිගම බාල මාමා” ඇතුළු රැදවියන් තිදෙනෙකු මාතර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර තුනකට මාරු කිරීමට උත්සාහ කිරීමත් සමග ඊයේ රාත්‍රීෙය් නොසන්සුන්කාරී තත්වය ඇතිවී තිබුණි පාතාල කල්ලි සාමාජිකයකු වු මිදිගම චූටි නැමැත්තාගේ ගෝලයෙවු වු “මිදිගම බාල මාමා” නැමැත්තා බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට ලද බන්ධනාගාර බුද්ධි තොරතුරකට අනුව එම මාරු කිරීම සැලසුම් කර තිබූණි.

ඊට අමතරව මාරු කර යැවීමට සැලසුම් කළ රැදවියන් දෙදෙනා අතර දෙවිනුවර දේවාලය ඉදිරිපිට ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවකු ද සිටි බව දැන ගන්නට ඇත.

ඒ අනුව ඔහු රැගෙන යාමට සූදානම් වු අවස්ථාවේ විශාල පිරිසක් රදවා සිටි වාට්ටුවක රැදවියන් එහි ඉබි අගුලු කඩා ගෙන පිටතට විත් ඊට විරෝධය පල කර තිබුණි.

ඉන් පසූව ඔවුන් අනෙක් සිර මැදිරි වලද ඉබි අගුළු කඩා ඒවායෙහි රදවා සීටි රැදවියන් ද පිටතට ගෙන තිබේ.

 



අදහස් (1)

මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි

නෑමොල සපෝටර් Wednesday, 23 April 2025 07:20 PM

අපේ බාප්පොච්චි හිටියා නම් පැය 17ක් යන්නේ නෑ... පැය එකයි විනාඩි හැත්තෑවෙන් 170 කට විතර වැඩ සලස්සලා විසඳනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31467 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13757 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11056 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1062 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site