IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීතොටමුල්ල ඩිපෝව ගරා වැටිලා

(අංජුල මහික වීරරත්න)

මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය.

මීතොටමුල්ල ඩිපෝවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිපෝ  නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය. 

මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මීතොටමුල්ල ඩිපෝව සංවර්ධනය කිරීමේ කටයුතු  සිදු කරන බවයි. 

එහි සේවක විවේකාගාර ද පවතින්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බව නිරීක්ෂණය විය.

ඩිපෝවේ පවතින තත්ත්වය ගැන  ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීමක්  කරන බවත්, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

මීතොටමුල්ල ඩිපෝව ගරා වැටිලා

ravin Saturday, 12 April 2025 11:21 AM

සම්පූර්ණයෙන්ම අබිලි යකඩ ලෙස තමා පාවිච්චියට ගත හැක්කේ...!

:       0       0

Lalith Prasnna Suriyaarachchi Monday, 14 April 2025 08:38 PM

බස් රථ 200කට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බ රට පුරා බස් රථ ධාවනය කළ ඩිපෝවක්. අසූව දශකයේ බස් රථ සියල්ලම පාහේ ඉසූසු බස් රථ. මුලින්ම ඩිපෝවට ආදයම් වැඩි වශයෙන් ලබාදෙන මාර්ගවල නියමිත බස් රථ සියල්ලම කලට වේලාවට ධාවනය කළයුතුයි. සේවකයින් සඳහා අවශ්‍ය කරන පහසුකම් හැකි උපරිම අයුරින් ලබා දිය යුතුයි. විශේෂයෙන් ආපනශාලා සේවක විවේකාගාරය සහ සනීපාරක්ෂක පහසුකම් හොඳින් ලබාදිය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් සියලු මාර්ග වල බස් එක දෙකක් හෝ ධාවනය කරමින් රාත්‍රී කාලයේ දී අනිවාර්ය යෙන් බස් රථ කාල සටහන් අනුව ධාවනය කළ යුතුයි. එවිට පැරණි මීතොටමුල්ල ඩිපෝව අපට දැකගත හැකිවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site