
(අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරි වලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඔහු වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත යහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා පත් කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුපුටුවල ඉන්නේ අරගලය මෙහෙයවපු NGO සෙට් එක
ඔය ඇමතියා එක්ක වැඩ කරන්න බෑ. එයා කියන හොර වැඩ කරන්න බැරුව දැන් සභාපතිලා කී දෙනෙක් අස් උනාද?. කන්ටේනර් පන්නන්න හා කියපු නිසා වරායේ සභාපති යහතින් ඉන්නවා.