IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා

(යොහාන් භාසුර)

කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අද (20) පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා කෙරවලපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

බහලුම් තදබදය ගැටළුට පැලැස්තර නොදමා, මධ්‍ය කාලීන විසඳුමකට යන්න අපි තීරණය කළ බවත් අදාළ පිරිස් වෙතින් සහායක් නොලැබෙනවා නම්, ඇත්ත තත්තවය ජනතාවට හෙළි කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.

රජයක් හැටියට ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරමින් ජනතාවට ප්‍රතිලාභ දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරමින් සිටියදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පරණ පව් වරාය සහ රේගුවේ කකුල් ගැටගහලා එල්ලලා තිබෙන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර සිටි පාලකයන් මෙම ගැටලුවලට විසදුම් දී නොමැති බව ද සඳහන් කළේය.



අදහස් (2)

බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා

pj Tuesday, 21 January 2025 07:58 AM

අදාළ පිරිසගේ සහාය ලැබුණත් නොලැබුණත් කෙෘළය වසා සෙල්ලම් කිරීමක් සිදු නොවිය යුතුය... භෞතික වශයෙන් විශාල වෙමින් පවතින වරායට සම්බන්ධ වර්තමාන ප්‍රශ්ණවලට පැරණි රජයන් නොව 69 ලක්ෂයේ රජයේ මහාචාර්ය නඩයම විසදුම් සොයා ගතයුතුමය....

:       0       4

අරුණි Tuesday, 21 January 2025 09:31 AM

මීට පෙර ආන්ඩු කරලා නෑ. දැන් අපිට තමයි වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි
2025 මැයි මස 08 38 0

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු


කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 2595 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 2234 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 842 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1812 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3336 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1071 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 260 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1303 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site