
(නිමල කොඩිතුවක්කු)
බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඔවුන් මුහුන දෙන ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
බස් මගීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවත් එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා සඳහන් කරයි.
පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි බලපාන ප්‍රධාන ගැටළු කිහිපයක් ඉස්මතු කිරීමට එහිදී අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
පොදු බස් රථවල මගී හිරිහැර සහ ආරක්ෂක ගැටළු, අධික තදබදය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, බස් මෙහෙයුම්, ගාස්තු සහ කාලසටහන් පිළිබඳ රෙගුලාසි ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ පැමිණිලි හැසිරවීම සහ මගී දුක්ගැනවිලි විසඳීම සම්බනධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවත් ඔහු සඳහන් කළේය.
මගී ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා සංගමය සහ පොලිසිය අතර ක්ෂණික සහයෝගීතාවයේ අවශ්‍යතාවය එහිදී පෙන්වා දෙන බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ආරම්භයක්. සවුත්තු විදිහට හැසිරෙන බස් සේවකයින්, අනතුරුදායක රියැදුරන් හඳුනාගෙන ඒ බස් වර්ජනය කරන්න ගත්තොත් ඉබේම ඔය කර්මාන්තේ හැදෙයි...
මගී අයිතිවාසිකම් වෙනුවෙන් අවමය පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ වෙන්න ඕනෑ. මෙවැනි සංවිධාන තවතවත් ශක්තිමත් කළ යුතුයි. මගීන්ට සිදුවන හිරිහැර, පීඩා ගැන පොලිසියට ගාණකුත් නෑ. NTC එකට ගාණකුත් නෑ. මගී සංගම් අධිකරණයට යා යුතුයි. අනිවාර්යයෙන් මේ සිදුවන අනතුරු සහ පීඩාවන් පිළිබඳව. එතකොට ඔය හිතුමතේ ස්ට්‍රයික් කරන්න දඟලන අයට අධිකරණයට ගරු කරන්න එපැයි. පොලිසියට බැරිනම්.
පිං සිද්දවෙයි... අනේ බස්වල කැසට් සහ රූපවාහිනී තහනම් කරන්න...
20දා සවස කොළඹ සිට ගම්පහට ධාවනය වූ හංසමාලි නම් මාර්ග අංක 200 බසා රියේ රියදුරා වරින්වර මොබයිල් එක කනේ ගසාගෙන ධාවනය කලේ.ඉතා තරුණ රියදුරෙක්.අනික කන පැලෙන්න බස් සංගීතය.බෆල් දාල. මේව පාලනය කරන්න බැරිද?මේව මගී මගීන්ගේ ආරක්ෂාවට අදාල නැතිද?
සියල්ලටම ප්‍රථම ප්‍රමිතියට අනුව වාහන මගී ධාවනයට සුසුදුයි. තීරණය කිරීමට පුළුවන් අවංක, මුදල් වලට කෑදර නැති හොඳ මහත්වරුන් පිරිසක් පත්කරන්න. බසයක ආසන අතුරා සම්මත පරතරය වන සෙන්ටිමීටර් 40ක දුර අනිවාර්යෙන් තිබිය යුතුයි. බස් එකේ සීට් හතරක් එක පෙලට තිබිය යුතුයි. ඒවා වචනයේ පරිසමප්තාර්ථයෙන්ම මගී ප්‍රවාහනය සදහා සෑදු බස්ම විය යුතුයි. නැතුව ලොරි නැතුව උඩ බෝඩි ගහපු බස් නොවිය යුතුයි."
1/. ප්ටුපසින් බසය එනතුරු බසය නවත්වාගෙන සිටීම 2/.සෙනග සිටගෙන හිටියත් තවත් සෙනග පිරෙන තුරු නවත්වාගෙන සිටීම. 3/.KM 25 ක් යාමට ගතවන කාලය විනාඩි 90 ක් 4/.බස් රතවල් වල අසුනේ ප්‍රමාණය කිසිදු ප්‍රමිතියකට යටත් නොවීම 5/.අදික ශබ්ද සහිත ගුවන්විදුලි ප්‍රකාශනය 6/.Highway වල පවා මගීන් හිටගෙන රැගෙනයාමට මැද ඉඩ සහිත බස්රථ වල අසුන් සකසා තිබීම 7/.කිසිදු මාර්ග ගත නීතියක් පිලි නොපැදීම 8/.අදික වේගය සහ මන්ද ගාමී දාවනය 9/.කිසිදු ප්‍රමිතියක් නැති බාෂා හැසිරවීම සහ ඇදුම් ඇදගත් කාර්ය මණ්ඩලය. 10/.අසුන් අතර පරතරය ඉතා කුඩා වීම 11/.Ticket නුකුත් නොකිරීම සහ ඉස්තුරැ සල්ලි නොදීම.
දුරකථනය කනේ ගසාගෙන මගී ජීවිත අනතුරේ දමාගෙන යන රියැදුරන්ට විරුද්ධව කිසිම නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි???