IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

(නිමල කොඩිතුවක්කු)

බස් මගීන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඔවුන් මුහුන දෙන ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බස් මගීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවත් එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා සඳහන් කරයි.

පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි බලපාන ප්‍රධාන ගැටළු කිහිපයක් ඉස්මතු කිරීමට එහිදී අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

පොදු බස් රථවල මගී හිරිහැර සහ ආරක්ෂක ගැටළු, අධික තදබදය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, බස් මෙහෙයුම්, ගාස්තු සහ කාලසටහන් පිළිබඳ රෙගුලාසි ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ පැමිණිලි හැසිරවීම සහ මගී දුක්ගැනවිලි විසඳීම සම්බනධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවත් ඔහු සඳහන් කළේය.

මගී ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා සංගමය සහ පොලිසිය අතර ක්ෂණික සහයෝගීතාවයේ අවශ්‍යතාවය එහිදී පෙන්වා දෙන බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (7)

බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

බකල ජයා Monday, 20 January 2025 06:05 PM

ඉතාම හොඳ ආරම්භයක්. සවුත්තු විදිහට හැසිරෙන බස් සේවකයින්, අනතුරුදායක රියැදුරන් හඳුනාගෙන ඒ බස් වර්ජනය කරන්න ගත්තොත් ඉබේම ඔය කර්මාන්තේ හැදෙයි...

:       0       22

Anura Monday, 20 January 2025 06:32 PM

මගී අයිතිවාසිකම් වෙනුවෙන් අවමය පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ වෙන්න ඕනෑ. මෙවැනි සංවිධාන තවතවත් ශක්තිමත් කළ යුතුයි. මගීන්ට සිදුවන හිරිහැර, පීඩා ගැන පොලිසියට ගාණකුත් නෑ. NTC එකට ගාණකුත් නෑ. මගී සංගම් අධිකරණයට යා යුතුයි. අනිවාර්යයෙන් මේ සිදුවන අනතුරු සහ පීඩාවන් පිළිබඳව. එතකොට ඔය හිතුමතේ ස්ට්‍රයික් කරන්න දඟලන අයට අධිකරණයට ගරු කරන්න එපැයි. පොලිසියට බැරිනම්.

:       0       14

,ජයරත්න Monday, 20 January 2025 06:49 PM

පිං සිද්දවෙයි... අනේ බස්වල කැසට් සහ රූපවාහිනී තහනම් කරන්න...

:       0       17

Lalla Tuesday, 21 January 2025 09:19 AM

20දා සවස කොළඹ සිට ගම්පහට ධාවනය වූ හංසමාලි නම් මාර්ග අංක 200 බසා රියේ රියදුරා වරින්වර මොබයිල් එක කනේ ගසාගෙන ධාවනය කලේ.ඉතා තරුණ රියදුරෙක්.අනික කන පැලෙන්න බස් සංගීතය.බෆල් දාල. මේව පාලනය කරන්න බැරිද?මේව මගී මගීන්ගේ ආරක්ෂාවට අදාල නැතිද?

:       0       4

Bunny Preena Tuesday, 21 January 2025 10:45 AM

සියල්ලටම ප්‍රථම ප්‍රමිතියට අනුව වාහන මගී ධාවනයට සුසුදුයි. තීරණය කිරීමට පුළුවන් අවංක, මුදල් වලට කෑදර නැති හොඳ මහත්වරුන් පිරිසක් පත්කරන්න. බසයක ආසන අතුරා සම්මත පරතරය වන සෙන්ටිමීටර් 40ක දුර අනිවාර්යෙන් තිබිය යුතුයි. බස් එකේ සීට් හතරක් එක පෙලට තිබිය යුතුයි. ඒවා වචනයේ පරිසමප්තාර්ථයෙන්ම මගී ප්‍රවාහනය සදහා සෑදු බස්ම විය යුතුයි. නැතුව ලොරි නැතුව උඩ බෝඩි ගහපු බස් නොවිය යුතුයි."

:       0       5

casmir Tuesday, 21 January 2025 11:51 AM

1/. ප්ටුපසින් බසය එනතුරු බසය නවත්වාගෙන සිටීම 2/.සෙනග සිටගෙන හිටියත් තවත් සෙනග පිරෙන තුරු නවත්වාගෙන සිටීම. 3/.KM 25 ක් යාමට ගතවන කාලය විනාඩි 90 ක් 4/.බස් රතවල් වල අසුනේ ප්‍රමාණය කිසිදු ප්‍රමිතියකට යටත් නොවීම 5/.අදික ශබ්ද සහිත ගුවන්විදුලි ප්‍රකාශනය 6/.Highway වල පවා මගීන් හිටගෙන රැගෙනයාමට මැද ඉඩ සහිත බස්රථ වල අසුන් සකසා තිබීම 7/.කිසිදු මාර්ග ගත නීතියක් පිලි නොපැදීම 8/.අදික වේගය සහ මන්ද ගාමී දාවනය 9/.කිසිදු ප්‍රමිතියක් නැති බාෂා හැසිරවීම සහ ඇදුම් ඇදගත් කාර්ය මණ්ඩලය. 10/.අසුන් අතර පරතරය ඉතා කුඩා වීම 11/.Ticket නුකුත් නොකිරීම සහ ඉස්තුරැ සල්ලි නොදීම.

:       0       3

කමනි Tuesday, 21 January 2025 02:34 PM

දුරකථනය කනේ ගසාගෙන මගී ජීවිත අනතුරේ දමාගෙන යන රියැදුරන්ට විරුද්ධව කිසිම නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි???

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1929 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1748 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 655 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1310 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3246 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 11079 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1055 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site