IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බස් ගාස්තු වෙනසක් නෑ

(නිමල කොඩිතුවක්කු)

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

දශම ගණනකින් බස් ගාස්තු සංහෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය.

බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිළ, බස් රථ සහ අමතර කොටස් මිළ, බදු ඇතුලු කරුණු 12 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.

 



අදහස් (0)

බස් ගාස්තු වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site