
(සුජිත් හේවාජුලිගේ )
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තූ පිළිබඳ වාර්තාව මාසයක් ඇතුළත කාරක සභාවට දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) එහි නිලධාරීන්ට නිර්දේශ කර ඇත.
ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූ පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසා බැලිණ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් කරුණු සහ බැලීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd