(ගයාන් සූරියආරච්චි)

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත් (11) දින සිට පසුදා (12) දින දක්වා ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිට ඇත.

එහිදී කුලියාපිටිය ඇඹව ප්‍ර දේශයේ කාන්තාවට කිසියම් පුද්ගලයකු විසින් අතවර කර ඇති බවට 119 හදිසි මධ්‍යස්ථානයෙන් පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරුට  ලබාදී ඇති අතර එහිදී දුරකතන ක්‍රියාකරු විසින් ජංගම සංචාරයේ යෙදී සිටි පොලිසි සැරයන්වරයාට එම පැමිණිල්ල සම්බන්ධයෙන් දන්වා ඇති බව අනාවරණය වී ඇත.