IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි

රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සහ 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පා දෙකකින්, මියන්මාරය කැලඹිණි.

භූමි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.

භූමි කම්පාවෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන සම්බන්ධයෙන් හෝ ජීවිත හානි පිළිබඳව හෝ ඊයේ (28) සවස් වන විටත් කිසිදු නිල තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සටහන් කළ පළමු භූමි කම්පාව හටගත්තේ, මියන්මාරයේ වයඹ දෙසින් පිහිටි සගායිංග් නගරයට ආසන්නයෙනි. ඒ, දහවල් 12.50 ට පමණය. 

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ දෙවැනි භූමි කම්පාව හටගත්තේ පළමු භූමි කම්පාවෙන් පසු මිනිත්තු කීපයක් යද්දීය. 

මියන්මාර පුවත් සේවා අනුව, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගලි අතරේ සිරවුණු පිරිස් සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.

මියක්මාරය පාලනය කරන්නේ එරට හමුදාවය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ දේශපාලන පක්ෂ නායකයන් සිරගත කරමිණි. හමුදා පාලනය හේතුවෙන්, මියන්මාරය ලොවෙන් හුදෙලා වුණු ආසියානු බෞද්ධ රාජ්‍යයකි.

මියන්මාරයේ අසල්වැසියකු වන්නේ තායිලන්තයයි. භූමි කම්පාවල ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් අගනුවරට පවා හොඳින් දැණුනු බව විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (2)

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි

බද්රානි Friday, 28 March 2025 05:33 PM

තායිලන්තය ගැන නම් ඇත්තටම හරිම කනගාටුයි.. මහපොළොව නුහුලන අපරාධ කල මියන්මාරයේ මහපොළොව දෙදරා ගිලා බැසීම ගැන නම් වැළපෙන්න තරම් හේතුවක් නැහැ. මියන්මාර "චිරතු" ලාගේ සහෝදර ඥාතීන් සිටින මේ සිරි ලංකාවට ඔය භූමිකම්පාව ආවොත් නම්, ඔතැනින් කෙළවර වෙන එකක් නැහැ. මුළු පොළොවම ගිලා බැහැලා තමයි නවතින්නේ.. ඒ නිසා, මේ මහපොළොව බදාගෙන තන්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් දඟලන අපිත්, මේ මහ පොළොවට වැළලිලා යන මිනිස්සු තමයි කියලා හිතලා වැඩ කරන්න පුරුදු වෙයල්ලා මුග්ධ මිනිස්සුනේ....

:       6       12

Bishan Friday, 28 March 2025 08:09 PM

බද්‍රානි මුග්ධ මිනිසුන් ගැන කියන තවත් කෙනෙක්..

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site