(ඩයනා උදයංගනී)
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු කීවේය.
උතුරු සහ උතුරු මැද පළාතවලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.
COMMENTS