ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
හෘදයාබාධයකින් පසු, මෙම කෘත්‍රිම හදවත බද්ධ කළ එම පුද්ගලයා දින සියයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිට රෝහලෙන් පිටව ගිය බව 'ද ගාඩියන්' පුවත් වෙබ් අඩවිය පවසයි.
කෘත්‍රිම හදවත බද්ධ කළ ඇත්තේ සායනික අත්හදා බැලීමක් වශයෙනි. කෘත්‍රිම හදවත බද්ධ කිරීමෙන් පසු එම පුද්ගලයා පසුගිය දින කාලය පුරාවට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය.
සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරුන් පවසන්නේ, සාමාන්‍ය නිරෝගී මිනිස් හදවතක් සේ, මෙම කෘත්‍රිම හදවතඉතා හොඳින් ක්‍රියාකාරී බවය.
මෙම කෘත්‍රිම හදවත ඕස්ට්‍ර්ලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේවෛද්‍ය පර්යේෂකයකු වන ඩැනියෙල් ටිම්ස්ගේ නිර්මාණයකි. 'බයිවේකර්' යන නමින් නම් කෙරුණු මෙම කෘත්‍රිම හදවත, මිනිස් හදවතක් සඳහා සම්පූර්ණ ආදේශකයක් ලෙස භාවිතයට ගත හැකි පළමු කෘත්‍රිම හදවත බවට මේ වනවිට පත් වී ඇත.
'බයිවේකර්' කෘත්‍රිම හදවත හරහා රුධිර පොම්ප කිරීම සිදුවන්නේ දනිරෝගී හදවතක් තුළ ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කරමිනි. මේ සදහා චුම්බක තාක්ෂණයක් භාවිතයට ගැනීම ද සිදුවන බව වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් පෙන්වා දී ඇත.
ලොව පුරා සෑම වසරකම,මිලියන 23 කටඅධිකපිරිසක් හෘදයාබාධවලින් පෙළෙන අතර හදවත් සැත්කම් සිදුවන්නේ 6,000 කට වඩා අඩුවෙන් යැයි ඕස්ට්‍රේලියානු රජය පෙන්වා දෙයි.
කෘත්‍රිම හදවත් නිර්මාණය කිරීමේ වෛද්‍ය පර්යේෂණ වැඩසටහනක් යටතේ, 'බයිවේකර්' කෘත්‍රිම හදවත් නිර්මාණය සිදුවන්නේ ඕස්ට්‍රේලියානු රජයේ ද මැදිහත් වීමෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.
එම කෘත්‍රිම හදවත් නිර්මාණ කටයුතු වෙනුවෙන්,ඕස්ට්‍රේලියානු රජය ඩොලර්මිලියන 50 ක මුදලක් ලබා දී ඇත.
(ද ගාඩියන්)
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
පාඨකයෙක් Thursday, 13 March 2025 07:20 PM
රෝගියා දින සියයක් කෘතිම හදවතට බද්ධ කර සිටියේ ඔහුට වෙනත් අයෙකුගෙන් ස්වාභාවික හදවතක් ලැබෙන තෙක්ය. ඉන්පසු ඔහුට ස්වාභාවික හදවතක් බද්ධ කර ඇත. මෙම කෘතිම හදවත තවමත් ස්වාභාවික හදවතක් මෙන් දීර්ඝ කාලීනව ක්‍රියා කරන අනද්මට බද්ධ කළ නොහැකි බව එහි නිර්මාතෘ පවසා තිබේ.