
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සියලු කොරෝනා රොගීන්ට පස් මාසයක් තිස්සේ දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමක් මිනුවන්ගොඩින් අපට හමුවිය.
ඒ මිනුවන්ගොඩ,බොරගොඩවත්තේ සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති මොරාවත්තේ සුබෝධි හිමියන්ය.
දෙස් විදෙස් හිතවත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය ආධාර යටතේ දිනකට රුපියල් 50,000 කට වැඩි මුදලක් වැය කරමින් උන්වහන්සේ මෙම සුවිශේෂී සද්කාර්යය සිදු කරනු ලබන බව ගම්පහ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.
මිනුවන්ගොඩ , බොරගොඩවත්තේ පිහිටි ආශ්‍රයේදී , සුධෝධි හිමියන්ගේ පූර්ණ සුපරික්ෂාව යටතේ ආහාර පිසීම සිදු කරමින් පසුගිය වෙසක් පෝය දිනයේ සිට අඛණ්ඩව මේ වන විට මාස පහක කාලයක් සියලුම කොරෝනා රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීම සිදු කරන අතර තරුණ දායක කණ්ඩායමක් සුධෝධි හිමියන් සිදු කරනු ලබන මෙම සද්කාර්යයට සහාය දක්වති.
ඒ අනුව මේ වන විට මාස පහක කාලයක් අඛණ්ඩව දිවා ආහාරය පිළියෙල කොට ලබාදීම සුබෝධි හිමියන් සිදු කරන අතර විශේෂඥ වෛද්‍ය ඉසුරු අබේවර්ධන මහතා ඇතුලු වෛද්‍යවරුන් පිරිසකගේ සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන්, කොරෝනා රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව උදෑසන ආහාරය ලබා දීමද සිදු කරති.



COMMENTS
විවිධාකාරයේ භේද හදාගෙන උන්මත්තකයින් වගේ හැසිරෙන සිටින මෙවන් කාලයක මෙවැනි කාරුණික යතිවරයාණන් සිටීම ගැන දැනගැනීමත් සතුටක්. ඔබ වහන්සේට තවත් සමාජ මෙහෙවර කිරිමට දිගාසිරි.
මැතිවරණ අවස්ථාවල නයි නටවා පොහොට්ටු පුප්පා කටයුතු කිරීමෙන් සංඝ සමාජය ජනතාවට එපා කරවූ නායක කාරකාදීනට මෙම ක්‍රියාව කදිම ආදර්ශයක් වේවා
අපට සියල්ල අතහරින්න කියා සියල්ල රැස්කරන පැවිද්දන් අතර කලාතුරකින් දකින්න ලැබෙන බුද්ධපුත්‍රයෙක්....
ඔබවහන්සේට සහ ඒ පුණ්‍යකර්මයට දායක වුනු සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායු පතනවා.
බොහොම පින් ,
මෙන්න නියම හාමුදුරැවරු. ගොඩක් පින් සිද්දවෙනවා.
ඔබවහන්සේ මේ කරන්නාවූ පිනෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! බුදුසරණයි.!
ඔබවහන්සේ මේ කරන උතුම් ක්‍රීයාවට බොහොම පිං.තවත් මෙවැනි ශාසනික කටයුතු සාර්ථකව චිරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා !!!!!! තෙරුවන් සරණයි !
නමෝ බුද්දාය!!!හාමුදුරුවනේ මං මේක අපේ අම්මටත් පෙන්නුවා, අපි සතුටින් මේ පිං අනුමෝදන් වුණා අපේ හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේට සහ සියලු දෙනාට ගොඩක් පින්. නිදුක් නිරෝගී සුවය අත් වේවා. තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ මෙම සද් ක්‍රියාව මුළු සංඝ සමාජයට ආදර්ශයක් වේවා.!