
(එම්.කේ.නන්දසේන)
මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැමිණි වන අලියකු යතුරුපැදිය සමඟ ඔසවා විසිකර ඇතැයි පොලිසිය පවසයි.
පසුව එම පුද්ගලයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඇඳක් නොලැබීම හේතුවෙන් පෞද්ගලික ප්‍රතිකාර ලබාගෙන නැවත නිවස වෙත ගොස් තිබේ.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අංක 18, වම් ඉවුර, පහල මත්තල ලිපිනයේ පදිංචි එල්. ජී.කරුණාරත්න නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd