(සුමිත් පොතුපිටිය )
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා රාජකාරි සදහා ඊයේ (31) යමින් සිටියදී මෝටර් රථය ලොරි රථයක ගැටී අනතුරකට ලක්ව ඇති අතර පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිල රථයට බරපතළ හානි සිදුව ඇති බව සදහන් වේ.
රුවන් ගුණසේකර මහතා වාද්දුවේ පිහිටි සිය නිවසේ සිට කොළඹ පොලිස් මූලස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී ගාලු පාරේ නල්ලූරුව ප්‍රදේශයේ දී ඒ දෙසටම ගමන්ගත් ලොරි රථයක ගැටී තිබේ.
අනතුරෙන් පසු රුවන් ගුණසේකර මහතා වෙනත් පොලිස් ජීප් රථයක් ගෙන්වාගෙන රාජකාරි සදහා වාර්තාකර ඇත.
ලොරි රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදාහැර ඇති බව පොලිසිය පවසයි.
පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා ගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති සැරයන් ප්‍රියන්ත (13980) සහ කොස්තාපල් මධුෂාන් (104235) පරීක්ෂණ පවත්වති.
COMMENTS
අනේ පව් අහිංසකයා ඉවරයි. ලොරි රියදුරාගේ ජොබ් එකත් ඉවරයි.
පොලිස් රථයක, එහි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගිය නිසාත් නඩුව අහලා තීන්දුව දීලත් ඉවරයි පොලිසිය.