IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැද ගිය පොලිසිය වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු අද  අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

නිට්ටඹුව පොලිස් වසමේ ගම්පහ කොට්ඨාශ සංක්‍රාමික පොලිස් යතුරු පැදි ඒකකයේ පොලිස්පරීක්ෂක නලින් මහතා ඇතුලු නිලධරින් වේයන්ගොඩ - නිට්ටඹුව මාර්ගයේ උදම්විට හන්දියේ නිළධාරින් හය දෙනකු සමග මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටියදි සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර ඇත.

මෙම වෑන් රථය නැවැත්වීමට පොලිස් නිළදාරින්  සංඥා කළද ඇතත් එම වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදි ඒකකයේ නිළධාරින් වෑන් රථය පිටුපස හබා ගොස් අවස්ථා තුනකදි වාහනය නැවැත්විමට උත්සහ කර ඇති අතර නිට්ටඹුව නගරයේ දි රතු ආලෝක සංඥ වැටි තිබියදි වෑන් රථය වතුපිටිවල දෙසට ධාවනය කර තිබේ .

මෙම හේතුවෙන් පොලිස් නිළධාරින් වෑන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට හා පිටුපස දකුණු ටයරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර වාහනය නවත්වා ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව වෑන්රථය මාර්ගයේ වම් පසින් නතර කිරිමෙන් අණතුරුව වාහනය හා එහි සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධික ලෙස බිමත්ව සිට ඇති අතර රියදුරු ලෙල්ලොපිටිය පදිංචි කුරුවකු බවද සෙසු පුද්ගලයන් රත්නපුර පදිංචි කුරුවන් බව හෙළි වී ඇත.

 



අදහස් (1)

පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි

පොඩිඑකා Wednesday, 01 October 2025 05:49 PM

එහෙනං ෂුවර් එකටම වමට තමා වෙඩි තියන්න ඇත්තේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site