(ගයාන් සූරියආරච්චි)
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා වෙළෙදසල් හිමිකරුගේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගත් සැකකරුවන් තිදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇතැයි යාපනය පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් එම වෙළෙදසලේ තිබූ සී.ටී.ටී.වී දර්ශන පටිගත වන උපාංග ද ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
යාපනය , කස්තුරියා ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් තිදෙනා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණිලිකරුගේ රන්බඩු වෙළෙදසලට පැමිණ වෙළෙදසල පරීක්ෂා කිරීමෙන් පසුව එම වෙළෙදසලෙහි ඇති රන් භාණ්ඩ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ලබාගත් රන් භාණ්ඩ බව පවසා වෙළෙදසල් හිමිකරු බියගන්වා ඇති බව පොලිසිය කියයි.
පසුව සැකකරුවන් තිදෙනා එම රන් බඩු කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන බවද පවසා එසේ නොකර සිටීම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව පැමිණිලිකරු රුපියල් ලක්ෂ 30 ක මුදලක් සැකකරුවන්ට ලබාදී ඇති බව පොලිසිය පවසයි.
අනතුරුව සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබූ සී.සී.ටී.වී දර්ශන පටිගත වන උපාංගද ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අදිකාරී දිස්ත්‍රික් (I) ජරූල් මහතාගේ මගපෙන්වීමෙන් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර යන මහත්වරු වැඩිදුර විමර්ශනවලදී සිදුකරති.
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි.
මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
මාතලේ මහ නගර සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ. නගර සභාවේ සභිකයින් 22 දෙනකුගෙන් යුක්තය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන