
(අංජුල මහික වීරරත්න)
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බව කී ජනාධිපතිවරයා එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ අද (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.
තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙස ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ පරිවර්තනීය වෙනස වෙලා ඉවර වෙනකොට නරක පොලිස් අයින්වෙලා පොලිස් ජනගහනය දහයෙන් එකකට අඩුවෙලා තියෙයිද මන්දා...!
ප්‍රංශ භාශාවෙන් කිව්වවොත් මාලිමාකරණය .
අර ඇමතිතුමා කිව්වනේ බංකුවක් ඇරන් එන්න කියල දෙන්ඥන් කියල. ඉතින් උන්නැහේ ගාවට ගියා නං හරි
ඔව් ඔව්, ඒකත් පැළවත්ත කාර්යාලයක් කරගන්න හදන්නේ.
එය පද්ධතිවල, ප්‍රතිපත්තිවල, ක්‍රියා පටිපාටිවල සහ ආකල්පවල (සිතන්න, දැනෙන්න සහ ක්‍රියා කරන්න) වෙනස්කම් විය යුතුය. නිසි පුහුණුව සහ සංවර්ධනය, විපාක සමඟ නැවත ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් සමඟ නිවැරදි කිරීම්