
(අංජුල මහික වීරරත්න)
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බව කී ජනාධිපතිවරයා එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ අද (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.
තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙස ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි
තාම හිරේ නොවැටුණ බකල ජයා Monday, 07 April 2025 07:12 PM
පොලීසියේ පරිවර්තනීය වෙනස වෙලා ඉවර වෙනකොට නරක පොලිස් අයින්වෙලා පොලිස් ජනගහනය දහයෙන් එකකට අඩුවෙලා තියෙයිද මන්දා...!
රම්බොඩ Monday, 07 April 2025 07:47 PM
ප්‍රංශ භාශාවෙන් කිව්වවොත් මාලිමාකරණය .
ගුණරත්න Monday, 07 April 2025 08:01 PM
අර ඇමතිතුමා කිව්වනේ බංකුවක් ඇරන් එන්න කියල දෙන්ඥන් කියල. ඉතින් උන්නැහේ ගාවට ගියා නං හරි
Toni Monday, 07 April 2025 11:10 PM
ඔව් ඔව්, ඒකත් පැළවත්ත කාර්යාලයක් කරගන්න හදන්නේ.
Parakrama Tuesday, 08 April 2025 09:19 AM
එය පද්ධතිවල, ප්‍රතිපත්තිවල, ක්‍රියා පටිපාටිවල සහ ආකල්පවල (සිතන්න, දැනෙන්න සහ ක්‍රියා කරන්න) වෙනස්කම් විය යුතුය. නිසි පුහුණුව සහ සංවර්ධනය, විපාක සමඟ නැවත ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් සමඟ නිවැරදි කිරීම්