IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන්

(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරිය ආරච්චි)

අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි මෙම සැරයන්වරයා  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් පැමිණෙන සහ පිටවන දොරටුව අසල රාජකාරියේ නිරත වී ඇත. 

එලෙස රාජකාරී නිරතව සිටින අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවෙකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී එකවරම පලාගොස් ඇති අතර, ඉහත පොලිස් සැරයන්වරයා සහ බන්ධනාගාර නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත භාරදීමට කටයුතු කළ සැරයන්වරයා පසුව ඔහුගේ රාජකාරි ගිනි අවිය පරීක්ෂා කිරීමේදී  ඒ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී ඇත. 

පසුව පොලිස් නිලධාරින් සමග සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය පරීක්ෂා කළද ගිනි අවිය හමුවී නොමැත. 

මීගමුව මුලස්ථාන  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන්

Bunny Preena Wednesday, 06 August 2025 10:59 AM

පොලිසිවලට නිකුත් කරලා තියෙන්නේ හොඳ ඉහළ වර්ගයේ හොල්ස්ටර්... එහෙම ලේසියෙන් ගැලවෙන්න විදිහක් නෑ. ගන් බෙල්ට් එකක් හරියට ඉනේ බැඳගන්න දෙන්නේ නැති පොලිස් නිලධාරියෙක් වත්ද? මේක බරපතළ කාරණාවක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site