IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ප්‍රා.ලේ නැවතුනු ගොඩනැගිලිවල වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති වල වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැලසීම අරමුණු කර ගනිමින් පිහිටුවන ලද දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නව ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීම පසුගිය වසර කිහිපයේ ආරම්භ කර ඇත. 

ඒ අතරින්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වැය ශීර්ෂ යටතේ ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන මත අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇති ව්‍යාපෘති 5 ක් ද ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම මත ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති ව්‍යාපෘති 6 ක් ද පවතින බව හඳුනා ගෙන තිබේ.

 පසුගිය කාලය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පොදුවේ බලපෑ හේතූන් මෙන්ම එම ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ පිරිවැය ඇස්තමේන්තු ඉහළ යාම හේතුවෙන් ඒවායේ වැඩ නිම කිරීම ප්‍රමාද වී ඇත. ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල ප්‍රතිපාදන භාවිත කරමින් ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති වල මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමටත්, ඉදිකිරීම් කටයුතු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගෙන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ප්‍රා.ලේ නැවතුනු ගොඩනැගිලිවල වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site