
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල්නාඩුවේ, පාම්බන් පාලම විවෘත කළේය.
දුම්රිය මාර්ගයක් සහිත පාලමේ දුම්රිය ගමන් සිදුවන අතර, පහළින් නැව් ගමන් කරද්දී එය හැකිළිය හැකි ආකාරයට නිර්මාණය කර ඇත. මෙවැනි හැකිලිය හැකි පාලමක් ඉන්දියාවේ ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ ඉදි කෙරුණු මෙම පාලම, රාමේෂ්වරම් දූපත ප්‍රධාන භූමියේ මණ්ඩපම් සමඟ සම්බන්ධ වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි
Lalla Monday, 07 April 2025 09:03 AM
ඕක ලංකාවට දීර්ඝ කරන්න ඕන නේද? තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන ධනවත්ම ප්‍රාන්තය නේද? අන්ත නූගත්කම නිසා දුප්පත්කම තියෙන අය ඉන්නව වගේම ඉතාම උගත් විද්යාඥ සහ ව්‍යවසායක ප්‍රජාවක් සිටිනව දකුණු ඉන්දීය ප්‍රාන්ත කීපයේ. සංචාරක සහ වෙනත් කටයුතුවලට ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වලට ආශීර්වාදයක් කරගන්න හැකියාව තිබෙනව නේද?
Agith Monday, 07 April 2025 11:19 AM
මෙම පාලම ලංකාවේ තලයි මණ්නාරම් සමඟ සම්බන්ධ කළයුතුයි.එමගින් ලංකාව සම්බන්ධ වන්නේ තවත් එක් දුම්රිය මාර්ගයකට පමණක් නොවේ.2030 දී ලොව බලවත්ම සහ ධනවත්ම ආර්ථිකයකට හිමිකම් ලබන ඉන්දියාව සමග.ඉන්දියාව අපට තර්ජනයක් වශයෙන් සැලකිය යුතු නැත.ධනවත් සහ බලවත් ඉන්දියාව සමග සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට සීමා රහිත අවස්ථාවන් උදා කරනු ඇත.ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළ පමණක් වුවද ප්‍රමාණවත් වෙයි.මෙම සබඳතා මගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂිතභාවය වඩාත් සුරක්ෂිත වේ. එමගින් අපි ආරක්ෂාව සඳහා දරන වියදම් අවම කර ගත හැකිය.වර්තමානයේ රටවල් කලාපීය වශයෙන් එකතුවීමට වඩාත් කැමැත්තක් සහ නැඹුරුවක් දක්වයි උදාහරණ යුරෝපීය සංගමය උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි.නමුත් සාක් කලාපයේ රටවල් අතර පවතින අර්බුද හේතුවෙන් එවැන්නක් අපේක්ෂා කළ නොහැකියි.වඩාත් සුදුසු වන්නේ ලංකාව ඉන්දියාව සමග එකතුවී ගමනක් යාමයි.