(අංජුල මහික වීරරත්න)

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන  10ක් තවමත් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.

ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් මාසිකව තවත් රු. බි. 2.5ක් ගෙවිය යුතු මුදලට එක් වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

රජය ඉන්ධන හා තාප බලාගාර මාෆියාවේ අතකොළුවන් බවට පත්ව ඇති බවත් මේ නිසා තාප බලාගාර හා ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න රුපියල්  100ක අධික මුදලක් වැය වුවත් ඒ සඳහා මුදල් වෙන් කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.