
(යොහාන් භාසුර)
කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්වීම් දුන් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් මෙම උසස් වීම් පිරිනැමූ බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.