
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 4(1) වගන්තිය අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, අමාත්‍යවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කොමසාරිස්වරයෙකුගෙන් සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු වේ.
මේ වන විට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති අතර, පුරප්පාඩු සඳහා කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත් කළ යුතුව ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා පත් කිරීමටත්, එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්. ජී. රාජපක්ෂ මහතා සහ වෛද්‍ය එන්.ආර්.එස්. ආරියරත්න මහතා පත් කිරීමටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව නිපැයුම් කොමිසමට ’’ලොක්කෝ’’ පත් වෙති