
(අංජුල මහික වීරරත්න)
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත්තාය.
ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය,ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල් වල ආදි ශිෂ්‍යාවක වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් ද වේ.
එසේම,ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද,ඕස්ට්‍රේලියාවේ Flinders විශ්වවිද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද,එක්සත් රාජධානියේ South Wales විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ලබා ඇත.
2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 2003 වර්ෂයේදීය. ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෙමසාරිස්වරියක ලෙසත්,ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්,ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු දරා ඇති පළපුරුදු රාජ්‍ය නිලධාරිනියකි.
නදීකා වටලියද්ද මහත්මිය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව ද වේ.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව කම්කරු කොමසාරිස් වැඩ බාර ගනී
Colombo Citizen Tuesday, 25 March 2025 09:24 PM
ඇය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා. නමුත් ඇය කම්කරු කළමනාකරණය කරනවා. ඇය බොහෝ වැඩසටහන් කර තිබෙනවා. භූගෝල විද්‍යාවට සම්බන්ධ කිසිවක් නැහැ. භූගෝල විද්‍යාව ඉගැන්වීමට වියදම් කරන අපේ මුදල් ගැන කුමක් කිව හැකිද? අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලුව මෙයයි.