
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති හෙයින් මැතිසබේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
එසේම එම වෙබ් අඩවි පළ කර ඇති තොරතුරු වාර්තා තමා සභාගත කරන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේ නීති උපාධිය ගත් ආකාරය ගැන වෙබ් සයිට් ගණනාවක ලිපි පළවෙලා තියෙනවා. එම උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උප කුලපතිවරයා ජුලි විසිතුන් වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඔහු ඉල්ලා අස්වී දින පනස් හතරකට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස අත්සන් කරන්නේ. මේ නිසා ඒ උපාධි සහතිකය ගැන මාධ්‍ය ප්‍රශ්න කරනවා.
සිටි යුනිවර් සිටි ලන්ඩන් ආයතනය නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25. අයදුම්පත දැම්මට පස්සේ නීති විද්‍යාලයේ එක බාර අරගෙන තියෙනවා. අයදුම්පත භාර දෙනකොට නීති විද්‍යාලය එම විශ්ව විද්‍යාලය පිළිඅරගෙන තිබුණේ නෑ. මේ ගැනත් ඒ වාර්තා වල අවධානය යොමු කරලා තියෙනවා. උපාධි සහතිකයේ සඳහන් වන අන්දමට ඔහුට තියෙන්නේ තුන්වෙනි පන්තියේ උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලයට ඇතුළත් වෙන්න බැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සියලු ලියැකියවිලි මම සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රකාශයක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී ඩී.වී චානක මහතා:
21 රැස්වීම දැනගෙන මේ අය නයාට භූමි තෙල් ගහලා වගේ ඉන්නේ. දැන් ඔය අලුත් මඩක් පටන් අරගෙන තියෙනවා. එදත් මෙයාලා ඔය නීති උපාධිය ගැන කතා කළා. ඔබතුමාලා උසාවියටත් ගියානේ. නඩුවක් දාලා තියෙනවා. නලින්ද ඇමතිතුමා කියන්නේ සරල කාරණයක්. හොර වෙබ් සයිට් හදාගෙන මඩ ගහනවා. ඔබතුමා ඔය කරුණු ටික සී අයිඩියට වාර්තා කරන්න. නාමල් මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශයක් ගත්තා. නමුත් අද වෙනතුරු අධිකරණයට කරුණු වාර්තා කරල නැහැ.ෆේල් වෙනකොට මඩ ගහන එක එච්චර හොඳ නැහැ.
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
953
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2555
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි
Cham Wednesday, 19 November 2025 02:24 PM
මල්ලි නලින්ද… මේක අපට ඕනේ නෑ . කාලයත් සල්ලිත් නාස්ති කරන්න එපා.
SL Wednesday, 19 November 2025 02:39 PM
අයිසේ නලීන් , කොයි අර ආචාරිය පට්ටන්තරේ ගහපු එකාගේ සහතිකේ ..............දැන් ජපානේ ගිහින් ගොඩක් කල් නේ. අධ්‍යාපන අධ්‍යාපන සුදුසු කම් ඔකේ කතා කරොත් පක්ෂ ඔක්කොගෙම රෙදි ඉල්ලේ දැන් ඔකේ ඇතුලට ආවනේ කොහොම හරි වැඩ කරනවා ,නිකන් කලේ කන්නේ නැතිව
Nadee Lanka Wednesday, 19 November 2025 02:43 PM
නලින්ද, ඔයා ඔයාගේ MBBS සහතිකය ඔයාගේ ලොක්කා අනුරගේ සහතික එක්ක පෙන්නන්නේ නැත්තේ ඇයි? ඔය දෙන්නම මේ NR ට වඩා ගොඩක් බොරුකාරයෝ. ඇත්තටම එයා අහිංසකත් නෙවෙයි. ඇයි ඔයා මෙච්චර ලොකු පරිමාණයෙන් මහජනතාව රවට්ටන්නේ?" ලැජ්ජා නැද්ද? පැහැදිලිවම නැහැ.
මහසෙන් Wednesday, 19 November 2025 02:47 PM
පූර්න ආන්ඩු බලයකුත් තියෙනවා නම් නීතිය නමන් නැතුව ක්‍රීයාත්මක වෙනවා නම් මොන බම්බුවට ද වෙබ් සයිට් වල ඒවා සහාගත් කරන්නේ, දැන් අවුරුද්දකුත් ඉවර එකේ එකම බයිලාව නොගහ හොයලා අල්ලන එකනේ කරන්න තියෙන්නේ. අර උපාධිය හොයන්න ගිය කෙනා ජපානේ අතරමං වෙලා ඇති. නියම කයියෝ ටික.
Hira Wednesday, 19 November 2025 03:27 PM
ජෙප්පන්ගේ රෙද්ද අස්සේ ඔක්කොම කුණු තියාගෙන අනිත් එවුන්ගේ රෙද්ද උස්සන් බලනවා. හිරිකිතයි.
Nishan Wednesday, 19 November 2025 03:28 PM
ඡන්දෙට කලින් ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු පට්ටම් ගහගත්තු ගොඩක් මාලිමා උගතුන්ට ඇත්තටම ඒ උපාධි නැති බව තහවුරු වුනා. සමහරු ඒක පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය පිටින් දාලා ඇඟ බේරගත්තා. සමහරු උපාධිය ගේන්න රටවල්වල ගියා. ඒත් අද වෙනකන් ඒවා ඔප්පු කරගන්න බැරි වුනා. ඒවා ගැන මේ නලින්ද ජයතිස්ස සද්ද නෑ.
රත්නවීර Wednesday, 19 November 2025 04:12 PM
ආණ්ඩුව බොලඳ වුනත් ඒ බව රටට පෙන්නන්න එපා. මිනිස්සුන්ට හිනායනවා. 21වැනිදා ලංවෙන කොට අනිත් සියලු වැඩ පැත්තකට දාලා නාමල් ගැන ඕපාදූප කතාකරනවා. ලැජ්ජයි හලෝ අනුර, නලින්ද. දැනට අවුරුද්දකට කලිනුත් වසන්ත නාමල්ගේ උපාධිය ගැන හෙව්වා නේද? ඉතින් මොකද උනේ? උත්තර නෑ නේද?
රනේ Wednesday, 19 November 2025 04:16 PM
මඩ කිව්වත් මේව හොඳ ඒවා. එහෙමයි අපට නම් හිතෙන්නේ, වැටහෙන්නේ.
විපරමා Wednesday, 19 November 2025 04:53 PM
නෑමොළයා හොරට ලියලා විභාගේ පාස්වෙච්චි කෙනෙක් බව රටම දන්නවා. ඒ වගේම මහින්දයාත් හොරට ලියපු කෙනෙක් කියලා දන්නෝ හොදාකාරවම දන්නවා.
amila Wednesday, 19 November 2025 04:58 PM
මේ වගේ මනුස්සයෙක් ජනාධිපති කරන්න මිනිස්සුන්ට පිස්සු නැහැ.
Nandana Wednesday, 19 November 2025 07:20 PM
මුගේ එකත් හොරට හදපු එකක් කියමුකෝ. කෝ අර කථානායකගේ සහතිකේ.
ගුණරත්න Wednesday, 19 November 2025 09:43 PM
අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අධ්‍යාපන සුදුසුකම්. මට තේරෙන්නේ නැහැ ඇයි මේ ආණ්ඩුව මේ තරම් බලයක් තියා ගෙනත් මේ වගේ ළාමක සිල්ලර දේ වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ? මේ රටේ පොදු ජනයාට කොයි තරම් ප්‍රශ්න තියෙනවද, කොයි තරම් පීඩා විඳිනවද? ඇයි ඒවා ගැන කතා කරන්නේ නැත්තේ?
ජගත් ලියනගේ Wednesday, 19 November 2025 09:03 PM
අවුරුදු 7-8 කට විතර ඉස්සෙල්ලත් ඔය නාමල් ගේ සහතිකය ගැන සුඡීව සේනසිංහ මහතාත් ප්‍රශ්ණ කරා. වෙන එකක් තියා දණ්ඩ නීති සංග්‍රහයේ එක වගන්තියක් කියන්න කිව්වා. කියා ගන්න බැරි වුනා.
කපුරුහාමි Wednesday, 19 November 2025 11:40 PM
හොර පෙරකදෝරුවා ගේ වහලුන්ට අවුල් උනාට, විබාගේ ලියලා පාස් වෙච්ච් විදිය ලෝකෙම දන්නවා .සුදුවෑන් ගාතන අතුරුදහන් වලට බයෙන් කවිරුවත් කතා කෙරුවේ නැහැ.
kasun Thursday, 20 November 2025 02:22 AM
දැන් නාමලයාගේ උපාධිය තමයි ලොකුම අවුල මේ රටේ
dii vii chaanaka Thursday, 20 November 2025 08:36 AM
මෙකෙ අර ජවිපෙ බොරු උපාදි පෙන්නපු එවාට වඩා ඉතා බැරැරුම්. නාමල් බෙබි ගොඩක් වත්කම් බැරකම් ප්‍රකාෂ කරලා තියෙන්නෙ පුද්ගලික නීති උපදෙස් දුන්නා කියලා. මෙ කෙස් එක උසාවියෙ ඔප්පු වෙලා ලොයර් කම නැති උනොත් එ දීපු උපදෙස් නීති විරොදි වෙනවා. එ වගෙම එ සියලු වත්කම් රජයට පවර ගන්න පුලුවන්.
Toni Thursday, 20 November 2025 01:05 PM
ලියලා තියගන්නිල්ල. ආයෙත් පාරක් මාලිමා ආණ්ඩුව කිච වෙන්න යන්නේ.