
(අංජුල මහික වීරරත්න)
" සමුද්‍රිය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ " ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, "සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ " (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4 ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400 ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’නොනිදන කොළඹ’’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
ගුණරත්න Tuesday, 27 May 2025 12:41 PM
කාලෙකට කලින් එජාප ආණ්ඩුවක් ඔහොම ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා, ඒත් ඒක සාර්ථක වුනේ නැහැ. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් කාර්යබහුල වෙළෙඳපොළක් ලංකාවේ නැහැ. අරාබියේ දවල් අධික උණුසුම නිසා ඔවුන් වැඩ කරන්නේ හවස ඉර බහින වෙලාවේ ඉඳලා, ඒක ඒ රටවල් වල දේශගුණය නිසා හැදුණු වෙනස්කමක්, ඉතින් බලෙන් සල්ලි පොම්ප කරලා ඔය වගේ බම්බු කරන්න ගිහින් සල්ලි පුච්චන එක විතරයි වෙන්නේ...
Nandalal de Silva - France Tuesday, 27 May 2025 02:38 PM
අදහස නම් හොඳයි. පන්සල් ඇතුළු පූජනීය ස්ථානවලින් සෑහෙන දුරකින් රාත්‍රි සමාජශාලා, කැසිනෝ වැනි විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ගත හැකි ස්ථානවලට කවුරුත් අකමැති වෙන එකක් නැහැ. මෙවැනි ආයතනවලට විදෙස් සංචාරකයන්ගෙන් විදෙස් මුදල් පමණක් භාර ගැනීමත් අනිවාර්ය කළ යුතු වෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශවල තිබෙන ත්‍රී රෝද රථ, ටැක්සි රියදුරුන්ට පවා විදෙස් සංචාරකයින් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යාම සඳහා මනා පුහුණුවක් දිය යුතුය. ගසාකෑම්, අපරාධ අවම කිරීම සඳහා පුහුණු පොලිස් හො ආරක්ෂක සේවා අත්‍යවශ්‍ය අංගයකි...