
(සුජිත් හේවාජුලිගේ)
ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.
මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.
කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මූලික කාර්යභාරය ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ නිර්දේශ නොතකා හරිමින් කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත් එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.
කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
FCID නොයන්න හේතුව හරක් වැඩක් නිසාද?
ලංකාවේ සිමෙන්ති කොට්ටයක් ගැස් ටැංකියක් හොරකම් කරත් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරලා උසාවි දමනවා. කොටි 211 කියන්නේ සුළුපටු මුදලක් නොවේ. මේවා පොදු දේපල පනත යටතට වැටෙන බරපතල වැරැදි... විගණන දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් තොරතුරු දෙනවා නම්, සැලකිය යුතු සාක්ෂි තිබෙනවා නම් මේවා ඇනවුම් කළ දේශපාලකයන් සහ නිලධාරීන් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ, මේ නිලධාරී අලුත් ආණ්ඩුවත් සමග එකතුවෙලා තව දුරටත් රජයේ ලොකු තනතුරු වල කටයුතු කරගෙන යන නිසාද? එහෙම නැතිනම් ඔවුන්ට පුද්ගලික හිතවත් කම් තිබෙන නිසාද?
සල්ලි දීලත් කිරි ගවයෝ ගෙනාවේ නැත්තේ, රටේ ඇති තරම් බත්කන ගවයෝ ඉන්නවනේ, රටකාපු හැතිකරේට කඩේ යන...
කවුරුත් කියලා නැහැනේ මේවාට දඬුවම් නොදෙනවා කියලා... මේ සමහරු කලබල වුණාට, හැරිසන් විජයමුනි කිරිහරක්ගෙන් ගහනකොට සමහරු කටපියාගෙන තනතුර පවා දුන්නා. අනුර තමයි ඒවා කතාකලේ, ඉදිරියේදී ඒවාට වියයුත්ත වෙයි...
සියලු ගවයන්ට සහ වැස්සියන්ටත් වෙනම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.
මෙම කාරනාව සම්බන්ධව උතුරු පලාතේ දේශපාලකයෙකුගේ නමක් එක වකවානුවක නිතරම කරලියට ආවා. එයා වත්ද …?