IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්‍තසිංහ)

නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා නැගෙනහිර පැළාතේ ප්‍රධාන ලේකම්වරයා සමග පසුගිය ජනවාරි මස 10 වන දින පැවැති සාකච්ඡාවේ දී එලැඹි එකඟතා කඩවීම මෙම විරෝධයට හේතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සහ එහි ලේකම් සී.එස්. මුතුකුඩ යන මහත්වරුන් නිවේදනයට අත්සන් තබා ඇත. 



අදහස් (3)

නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු

අනුර Thursday, 27 February 2025 06:51 AM

කාටවත්ම හෙට සිට අසනීප වෙනවා කියන්න බැහැනේ... ජනතාව පත්කළ ආණ්ඩුවට හුස්මක් ගන්නවත් වෙලාවක් නොදී මුන්දැලා රට අරාජික කරන්න හදනවා. සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගන්වන්න කටයුතු කරනවා නම් රටපෙරට ගෙනියන්න පුළුවන්...

:       0       0

Malika Thursday, 27 February 2025 08:19 AM

මේ ගොල්ලෝ කොහොමත් වැඩට ආවත් නිවාඩු වගේ තමා. 99% පගාවට නීතිය හරවන අය. පගාව දුන් නැත්නම් ආයතනවලට ඇවිත් ඒ ඒ ආයතන වල කොපමණ හොඳට තිබුණත් වැරැද්දක් මවලා හරි යනවා. අත මිට මෙලෙව්වම කෙපමණ වැරදි තිබුණත් ලයිසන් එක ෂුවර්. අත්දැකීමෙන්මයි කියන්නේ. අවුරුදක් පටන් ගන්න කාලෙට මෙයාලගේ පවුල්වල බැංකු ගිනුම් චෙක් කරන්නකෝ. එතකොට මෙයලගේ අවංකකම් බලා ගන්න පුලුවන්.

:       0       0

kamal Koyrala Thursday, 27 February 2025 03:08 PM

සේවයෙන් ඉවත්වී සිටින එක හොඳයි, මොකද ආපන ශාලා, නගර, කළු කඩ, කාණු බෝක්කු, බැලුවාම සේවයේ තරම පේනවා. මේ අය අවදි වන්නේ ඉල්ලීම් දිනාගන්න විතරයි. ඊළඟට ඇහැරෙන්නේ ඩෙංගු කීපයක් වුණාට පසු සහ උත්සව කාලෙට පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site