IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි

( ඉන්දික අරුණ කුමාර)

ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය.

නාඋල ප්‍රාදේශිය සභා සභාපති සුනිල් ශාන්ත(ජා.ජ.බ) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ නාඋල ප්‍රාදේශිය සභා විශේෂ මහ සභා රැස්වීම පැවැත්විනි.

එහි දි 2026 අය වැය සභාපති සුනිල් ශාන්ත  මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.

2026 වසර සදහා අපේක්ෂිත වියදම වශයෙන් රුපියල් දසකෝටි හැත්තෑ නව ලක්ෂ අසූ හත්දහස් හත්සිය පහයි ශත හතලිහක් ද, අපේක්ෂිත වියදම් ලෙස රුපියල් දසකෝටි හැත්තෑනව ලක්ෂ අසු හත්දහස් තුන්සිය අසූ හයයි ශත හැත්තෑපහක් ලෙස සිය අය වැය කතාවේ දී සභාපති වරයා ඉදිරිපත් කළේය.

පැවති අය වැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු වු අතර අය වැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු නව දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කළේය.

විපක්ෂය නියෝජනය කල මන්ත්‍රිවරු සහ මන්ත්‍රිවරියන් හය දෙනෙකු අය වැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.

සමගි  ජන බලවේගයේ මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් මෙන්ම ශ්‍රි ලංකා ‍පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොල්පිතිගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ   සභාවට පැමිණ නොසිටියහ.

නාඋල ප්‍රාදේශිය සභාවට සභිකයින් 19 දෙකෙන් පත්වී ඇති අතර පලාන බලය හිමි ජාතික ජන බලවේගයට සභිකයින් 09 ක් සහ විපක්ෂය වෙනුවෙන් සජබ 04 ක්,සර්වජන බලය පක්ෂයට 01 යි, එක්සත් ජාතික පක්ෂයට 01,ශ්‍රි ලං පො ජ පෙ ට 02 ක් වශයෙන් මන්ත්‍රි අසුන් බෙදි ගොස් තිබේ.

 

 



අදහස් (0)

නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 228 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site